Advertiesment

Sunday, July 22, 2012

යන්ග් චව් ෆ්‍රයිඩ් රයිස් Young Chow Fried Rice


 යන්ග් චව් ෆ්‍රයිඩ් රයිස්

අවශ්‍ය ද්‍රව්‍ය
  • පොතු ඉවත් කර ගත් ඉස්සන් 100g
  • කුකුල් මස් 50g
  • පිසගත් බාස්මතී බත් 500 g
  • බිත්තර 4
  •  තම්බාගත් ග්‍රීන් පීස් 10g
  •  කුඩාවට කපන ලද බට්න් හතු 10g
  • රසකාරක තේ 1/2 tsp
  •  සුදු ගම්මිරිස් කුඩු 2tsp
  • ලුණු රස පදමට
  • කොන්පිටි 1 tsp
  • සෙසමි තෙල් 1/4tsp
  • ළුණු කොළ 10g
  • කෝන්තෙල් අවශ්‍ය තරම්

සාදන අන්දම
             ඉස්සන් හා කුකුල් මස් කැබලි මතට ලුණු, ගම්මිරිස්, කෝන්පිටි, බිත්තර සාරැ ටිකක් දමා මිශ්‍රකර තබන්න. ඉන්පසු සාස්පානක් ලිප තබා කෝන්තෙල් ටිකක් දමා රත්වූ විට මිශ්‍ර කර තැබූ දෑ එයට දමා ගෙන හොදින් මිශ්‍ර කර ගනිමින් විනාඩි කිහිපයක් උයා ගන්න. දැන් එයටම ග්‍රීන්පීස්, බට්න් හතු හා බිත්තරද එක්කර ගනිමින් දිගටම උයා ගන්න. පසුව එයට පිසගත් බත්, රසකාරක, සෙසමි තෙල්, කුඩාවට කැපූ ළුණු කොළ එකතු කර හොදට මිශ්‍ර කර මදගින්නේ විනාඩි කිහිපයක් පිස ගන්න. පසුව ලිපෙන් බා ආහාරයට ගන්න.



No comments:

Post a Comment