Advertiesment

Friday, July 27, 2012

කෙසෙල් මුව සීනි සම්බෝලය Kesel Muwa Seeni Sambolaya


කෙසෙල් මුව සීනි සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය
  • කෙසෙල් මුව 1
  • තෙල් ස්වල්පයක්
  • ලොකු ළුණු ගෙඩි 1
  • උම්බලකඩ මේස හැදි 1
  • සුදුළුණු
  • ඉඟුරැ
  • සීනි තේ හැදි 1
  • ලුණු, කහ
  • තක්කාලි ගෙඩි 1
  • අමු මිරිස් කරල් 2 – 3ක්
  • කැබලි මිරිස්පොල් කිරි කෝප්ප ¼

සාදන අන්දම
            කෙසෙල් මුව පොතු හැර මැද කොටස සිහින්ව ලියා ගන්න. වතුරට ලුණු හා කහ දමා කෙසෙල් මුව එයට එකතු කරන්න. මිරිකා ඉවතට ගෙන ගැඹුරැ තෙලට දමා බඳින්න. තක්කාලි ගෙඩිය කුඩාවට කපා ගන්න. ලොකු ළුණු ද කපන්න. තෙල් මේස හැදි ½ක් ලිප තබා ඉඟුරැ, සුදුළුණු දමා බඳින්න. තක්කාලි, ළුණු,කැබලි මිරිස්, උම්බලකඩ, අමුමිරිස්, කරපිංචා දමා එයටම කෙසෙල් මුව දමා පිසින්න. පොල් කිරි සමඟ සීනිත් දමා හිදෙන්න උයා ගන්න.

No comments:

Post a Comment