Advertiesment

Wednesday, December 26, 2012

පැණි බූන්දි Peni Boondi

පැණි බූන්දි

අවශ්‍ය ද්‍රව්‍ය
  • කැකුළු හාල් පිටි 150g
  • පිටි 100g
  • කඩල පිටි 50g
  • සීනි 150g
  • බේකින් පවුඩර් තේ හැදි 2
  • වර්ණක - රතු, කොළ, තැඹිලි
  • වතුර 
  • ගි තෙල්

සාදන අන්දම
                    පළමුව සීනි හා වතුර එකතු කර ගෙන පෑන් එකක් ලිප තබා උණු කරන්න. අවශ්‍යනම් එයට දොඩම් ලෙලිහො රෝස වතුර වැනි කැමති රසකාරකයක් එක් කර ගන්න. එවිට රස වෙනස් වේ.
                      දැන් බූන්දි මිශ්‍රණය සාදමු. කැකුළු හාල් පිටි, පිටි, කඩල පිටි, බේකින් පවුඩර් තේ හැදි 2ක් පමණ දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. දැන් එයට වතුර ටික ටික දමමින් ගොඩාක් ඝනකම් නොවන ලෙසත් ගොඩාක් සිනිදු නොවන ලෙසත් වතුර දමමින් හොදින් මිශ්‍ර කර ගන්න. දැන් මෙය කොටස් 3කට බෙදා වෙන් කර ගන්න. එම කොටස් වලට වෙනස් වර්ණක එක් කර ගන්න. දැන් ගී තෙල් භාඡනයක් ලිප තබා එයට හිල් සහිත හැන්දකින බූන්දි මිශ්‍රණයෙන් දමමින් බැද ගන්න. ඉන්පසු එය සීනි සිරප් එකට දමා ගෙන වෙනත් භාඡනයකට ඉවත් කර ගන්න.

No comments:

Post a Comment