Advertiesment

Friday, July 27, 2012

සමෝසා Samosa

සමෝසා
අවශ්‍ය ද්‍රව්‍ය
  • බෝල් එකක ප්‍රමාණයක පිටි
  • ලුණු තේ හැදි ¼
  • ලෙමන් යුෂ තේ හැදි 1

සාදන අන්දම
            පළමුව ලුණු හා ලෙමන් යුෂ එකතු කර ගෙන පිටි වලට යන්තම් රස්නේ වතුර ස්වල්පයක් බැගින් දමා ගෙන හොදින් පිටි ගුලියක් ආකාරයට එනතුරැ අනා ගන්න. පසුව එය ආවරණය කර ටික වේලාවක් පසෙකින් තබා ගන්න.
            ඉන්පසුව එම සාදා ගත් පිටි ගුලිය ගෙන එයින් කුඩා බෝල කඩා ගන්න. ඒවා රවුම් ආකාරයට වන ලෙස අගල් 3ක විෂ්කම්භය වන පරිදි රෝල් කර ගන්න. පසුව ඒ ආකාරයට සාදා ගත් රවුම් 2ක් ගෙන 1ක උඩින් තෙල් ටිකක් ගා ගන්න. අනෙක් එකේ පිටි ස්වල්පයක් ඉස ගන්න. පසුව ඒවා එකිනෙක සිටින සේ උඩින් තබා ගන්න. ඒ අතරතුර පෑන් එකක් ලිප තබා එය උඩින් මෙම සාදා ගත් සමෝසා ප්‍රේස්ටිය රොටී පුලුස්සන ආකාරයට විනාඩි ½ක් පමණ දෙපැත්ත හරවමින් පුලුස්සා ගන්න.
            පසුව එය ඉවතට ගෙන එම ප්‍රේස්ටි 2 වෙන් කර ගන්න. ඉන්පසුව එක් ප්‍රේස්ටියක් ගෙන එය භාගයක් වන ලෙස කපා ගන්න.
මේ  ආකාරයට   


          
මෙම සමෝසා ප්‍රේස්ටිය ඇලවීම සදහා ගම් එකක් අවශ්‍ය වේ. එය සාදා ගන්නේ මෙසේයි.
පිටි මේස හැදි 2 – 3ක් ගෙන එයට රස්නේ වතුර ටිකක් දමමින් දියාරැවට සාදා ගන්න.
දැන් කපා ගත් ප්‍රේස්ටි භාගය ගෙන එහි රවුම් හැඩැති පැත්තේන් හැන්දක ආධාරයෙන් පිටි මිශ්‍රණය ගා ගන්න.
                                            

පසුව එය දෙපැත්තට පෙරලා ගොට්ටක් ආකාරයට සාදා ගන්න.
                                                                             

ඉන්පසුව එය තුලට මිශ්‍රණය දමා ගෙන උඩින් පිටි මිශ්‍රණය දමා ගෙන අලවා ගන්න. පසුව මෙසේ සාදා ගත් සමෝසා පැය ½ ක් පමණ පසෙකින් තබා තෙල් තාච්චියක් ලිප තබා ගැඹුරැ තෙලේ රන්වන් පැහැවනතුරැ බැද ගන්න.

පිරවීමට ගන්නා මිශ්‍රණය සාදන අයුරැ

අවශ්‍ය ද්‍රව්‍ය
  • සැමන් ටින් 1
  • කුඩාවට කැපූ බී ළුණු 1
  • ,,            ,,    අමු මිරිස් 3
  • අල රාත්තල් ½
  • තෙල් තේ හැදි 2
  • කරපිංචා ඉති 4 – 5
  • දෙහි ගෙඩි ½ක ඉස්ම
  • ලුණු, ගම්මිරිස් කුඩු

සාදන අන්දම
                අල තම්බා පොතු හැර ගෙන පොඩිකර ගන්න. පසුව සැමන් ද ගෙන පොඩි කර ගන්න. කුඩා කෑලි වන ලෙස. පසුව තෙල් තේ හැදි   2ක් ලිප තබා එය මධ්‍යම ප්‍රමාණයට රත් වූ පසු ළුණු, අමුමිරිස් හා කරපිංචා කොළ දමා ඒවා රන්වන් පැහැ වනතුරැ බැද ගන්න. දැන් එයට මාළු එකතු කර විනාඩි 3 – 5ත් අතර දමා ගෙන පසුව පොඩි කර ගත් අල හා ලුණු, ගම්මිරිස් කුඩු එකතු කර ගන්න. පසුව එය ලිපෙන් බා ලෙන එයට දෙහි යුෂ එක් කර මිශ්‍ර කර ගෙන නිවෙන්නට හැර භාවිතා කරන්න.

3 comments:

  1. ගොඩක් වටින රෙසිපි එකක්. සැහෙන කාලයක් හොය හොය හිටියේ. බොහොම ස්තූතියි.

    ReplyDelete
  2. ගොඩක් ස්තූති,,හොය හොයා හිටියේ

    ReplyDelete
  3. ඇත්තමයි ගොඩක් වටිනවා thanks

    ReplyDelete