Advertiesment

Monday, July 16, 2012

කඩල සලාදය Kadala Salad


කඩල සලාදය


අවශ්‍ය ද්‍රව්‍ය
  • තම්බාගත් කඩල 500g
  • කොටු හැඩයට කපා ගත් කැරට් 100 g
  • කැබලි කපාගත් අමු මිරිස් 25 g
  • සිහින්ව කපාගත් සුදු ළුණු 25 g
  • සිහින්ව කපා ගත් ලොකු ළුණු 25 g
  • කපාගත් සලාද කොළ 50 g
  • ඔලිව් තෙල් මේස හැදි 03
  • විනාකිරි මේස හැදි 02
  • සිහිනව කපා ගත් පාර්ස්ලි මේස හැදි 02
  • ගම්මිරිස් කුඩු තේ හැදි 01
  • ලුණු තේ හැදි 01

සාදන අන්දම
            මුලින්ම පිරිසිදු වීදුරැ බදුනක් ගෙන එයට ඔලිව් තෙල්, විනාකිරි, ලුණු, ගම්මිරිස් දමා හොදින් මිශ්‍ර කරන්න. දැන් කඩල සමග කැරට්, අමු මිරිස්, සුදු ළුණු, බී ළුණු, සලාද කොළ, පාර්ස්ලි යන සියලු දේ දමා හොදින් කළවම් කරන්න.

No comments:

Post a Comment