Advertiesment

Thursday, July 19, 2012

සොසේඡස් හා ළුණු බැදුම Sausage Onion Fry


සොසේඡස් හා ළුණු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය
  • බටර් 100
  • පෙති කපපු බී ළුණු මධ්‍යම ප්‍රමාණයෙ ‍ගෙඩි 2
  • සොසේඡස් කරල් 5 – 6
  • ඡුලියන් ක්‍රමයට කැපූ ‍බෙල් පෙපර් කෝපප 1
  • අමු මිරිස් කරල් 2-3
  • ඉගුරැ තේ හැදි 1
  • මී පැණි තේ හැදි1 (අවශ්‍ය නම් පමණක්)
  • ටොමැටෝ ස්වීට් චිලි සෝස් හැදි 3
  • ලුණු රස අනූව
  • ගම්මිර්ස් රස අනූව
  • පාන්
  • සෝයා සෝස් මේස හැදි 1

සාදන අන්දම
            සොසේඡස් කෑලි වලට කපා ගන්න. පෑන් එකක් ලිප තබා එයට බටර් දමා ගෙන රත් වෙන්න හරින්න. පසුව එයට ළුණු දමා විනාඩි 2 ක් බැදෙන්නට තබන්න. එයටම අමුමිරිස්, බෙල් පෙපර්, ඉගුරැ  එකතු කර ටික වේලාවක් තබන්න. පසුව එයට සොසේඡස් එකතු කර මිශ්‍ර කර ගන්න. විනාඩි 5 – 6ක් පිසෙන්නට තබන්න. පසුව එයට ස්වීට් චිලි සෝස්, සෝයා සෝස්, ලුණු හා ගම්මිරිස් කුඩු දමා ගෙන මිශ්‍ර කර ගෙන  ලිපෙන් බා ගන්න.
            මෙය පාන් සමග ආහාරයට ගන්න.

No comments:

Post a Comment