Advertiesment

Saturday, July 14, 2012

දිවුල් ක්‍රීම් Woodapple Cream

දිවුල් ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය
  • කිරි ටින් 1
  • උණු වතුර කෝප්ප 2 1/2
  • බිත්තර 3
  • වැනිලා තේ හැදි 1
  • උණු වතුර තේ හැදි 4ක් සමග කලවම් කර ගත් ඡෙලටින් තේ හැදි 1
  • දිවුල් කෝප්ප 2
  • සීනි රස අනූව

සාදන අන්දම
    කිරි සමග ගසා ගත් බිත්තර කහ මද හා උණු වතුර හොදින් කලවම් කර ගනිමින් පදම් වනතුරැ පිස ගන්න. නොනවත්වා හැදි ගාමින් සීනි දමා රස කල දිවුල් මද මිශ්‍රනය එයට එක් කරන්න. උදුනෙන් බා ගෙන දිය කර ගත් ඡෙලටින් පෙන එනතුරැ ගසා ගත් බිත්තර සුදුමද හා වැනිලා මිශ්‍ර කරන්න. භාඡනයකට දමා හොදින් ශීත කර පානය කරන්න. පිළි ගැන්වීමේදි වැනිලා අයිස්ක්‍රීම් එකතු කර ගන්න.

No comments:

Post a Comment