Advertiesment

Sunday, July 8, 2012

චිකන් සැන්ඩ්විච් Chicken Sandwich


චිකන් සැන්ඩ්විච්
අවශ්‍ය ද්‍රව්‍ය
කොන් 4 කපා ගත් පාන් පෙති 6
පාන් පෙති වල තවරා ගැනීම සදහා බටර්
ලොකු ප්‍රමාණයේ තක්කාලි පෙති 2
චිස් පෙති 2
බැද ගත් බිත්තර 2
සලාද කොළ 3 - 4 ක්
අබ ක්‍රීම් තේ හැදි 2
මෙයොනීස් සෝස් තේ හැදි 2

සාදන අන්දම
           පළමුව පාන් පෙති ගෙන එක පැත්තක බටර් ගා ගෙන එය ටෝස්ට් කර ගන්න. පසුව අබ ක්‍රීම් හා මෙයොනීස් සෝස් ගෙන පාන් පෙති වල තවරා ගන්න. පසුව පාන් පෙත්ත උඩ සලාද කොළයක් තබා ගෙන, එය උඩින් චීස් පෙත්තක් තබා ගෙන, එය උඩින් අනෙක් පාන් පෙත්ත තබා ගෙන, එය උඩින් තක්කාලි පෙත්තක් තබා ගෙන, එය උඩින් බැද ගත් බිත්තරයක් තබා ගෙන, තව පාන් පෙත්තකින් ආවරණය කර ගෙන ටූත් පික් එකක් ගසා ගන්න. මේ ආකාරයට අනෙක් පාන් පෙතිද සාදා ගන්න.

No comments:

Post a Comment