Advertiesment

Tuesday, July 17, 2012

චොකලට් ෆොන්ඩන්ට් Chocolate Fondant

චොකලට් ෆොන්ඩන්ට්

අවශ්‍ය ද්‍රව්‍ය
  • චොකලට් 125gm
  • සීනි 100gm
  • බටර් 125 gm
  • බිත්තර 3
  • පිටි 30 gm
  • ශීතල ක්‍රීම්

සාදන අන්දම
                පළමුව චොකලට් හා බටර් මිශ්‍ර කර ගෙන ඩබල් බොයිල් ක්‍රමයට දිය කර ගන්න. එය නිවෙන්නට පසෙකින් තබන්න. පසුව වෙනම භාඡනයක් ගෙන එයට බිත්තර හා සීනි දමා ගෙන හොදින් දිය වෙන තුරැ බීට් කර ගන්න. පසුව එයට පිටි ටික ටික දමමින් යන්තම් හැන්දකින් මිශ්‍ර කර ගන්න. 
               පසුව  මෙම මිශ්‍රණයට චොකලට් මිශ්‍රණය දමා ගෙන මිශ්‍ර කර ගන්න. රැමෙකින් බදුනක් ගෙන එහි බටර් තවරා පිටි ටිකක් යන්තමට ගා ගන්න. පසුව එයට මිශ්‍රණයට දමා ගෙන 200c ක උෂ්ණත්වයක විනාඩි 10 - 12 ක් පමණ බේක් කර ගන්න. මෙය උඩින් ශීත කර ගත් ක්‍රීම් දමා ගෙන පිළි ගන්වන්න.

1 comment: