Advertiesment

Friday, July 27, 2012

ෆැලෆෙල්ස් Falafels

ෆැලෆෙල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
  • තම්බා ගත් කඩල කෝප්ප 4
  • මධ්‍යම ප්‍රමාණයේ අල ගෙඩි 2
  • ළුණු ගෙඩි 1
  • සුදුළුණු බික් 2 - 3ක්
  • අමු මිරිස් කරල් 3 - 4ක්
  • ගා ගත් සුදුළුණු බික් තේ හැදි 1 - 2ක්
  • පිටි මේස හැදි 2
  • ලුණු තේ හැදි 1
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1
  • බැදීමට තෙල්

සාදන අන්දම
                   පළමුව තම්බාගත් කඩල, තම්බා ගත් අල, හා එයට සුදුළුණු, බී ළුණු, අමුමිරිස්, දමා ගෙන හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. පසුව එයට ලුණු, ගම්මිරිස් කුඩු එක් කර ගනිමින් හොදින් මිශ්‍ර කර ගන්න. පසුව එයට පිටි එකතු කර ගනිමින් හොදින් මිශ්‍රණයට එකතු කර ගනිමින් මිශ්‍ර කර ගන්න. එවිට මිශ්‍රණය හොදින් අනෙක් ද්‍රව්‍ය සමග බැදේ. පසුව මෙම මිශ්‍රණයෙන් කොටස් 25ක් පමණ බෙදා ගෙන කැමති හැඩයකට සාදා ගන්න. (බෝල ආකාරයට, පැතලි ආකාරයට, කැමති ආකාරයක‍ට) 
                පසුව තෙල් තාච්චිය ලිප තබා එය මධ්‍යම ප්‍රමාණයට රත් වූ පසු එහි දමා රන්වන් පැහැ වනතුරැ බැද ගන්න.
                  මෙය පාන් පෙති සමග ආහාරයට ගත හැකිය. රසවත් තේ පැන් සංග්‍රහයකට කදිමයි.

No comments:

Post a Comment