Advertiesment

Sunday, July 29, 2012

ගුලාබි ඡාමුන් Gulab Jamun

ගුලිබ් ඡාමුන්

අවශ්‍ය ද්‍රව්‍ය
  • කිරි පිටි කෝප්ප 1
  • පිටි කෝප්ප 1/4
  • බැදීමට තෙල්
  • බේකින් සෝඩා ටිකක්
  • සැෆෘන් ටිකක්
  • කුඩු කර ගත් එනසාල් තේ හැදි 1/4
  • සීනි කෝප්ප 1 1/4
  • කිරි කෝප්ප 1/4 (සෙමි ස්කිම්ඩ් කිරි)
  • ගී හෝ බටර් කෝප්ප 1/4 (ලුණු රහිත බටර් භාවිතා කරන්න)

සාදන අන්දම
   පළමුව සීනි සිරප් එක සාදා ගෙන එයට සෆ්රෝන් හා එනසාල් කුඩු එකතු කර මිශ්‍ර කර පසෙකින් තබා ගන්න.
දැන් ගුලාබ් ඡාමුන් සාදා ගනිමු
පළමුව කිරි පිටි වලට පිටි, ගී හෝ බටර් හා බේකින් සෝඩා එකතු කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. පසුව කිරි යන්තම් රස්නේ කර එයින් ටික ටික දමමින් ඩෝ එක සාදා ගන්න. පසුව මෙය ආවරණය කර විනාඩි 10ක් පසෙකින් තබා ගන්න. නැවතත් ගෙන හොදින් අත් ගසන්න. ඩෝ එක වියළි වගේ එනවානම් තවත් කිරි එකතු කරමින් මෘදු හා පහසුවෙන් නැමෙන සුලු තත්ත්වයට එනතුරැ සාදා ගන්න.
       පසුව අල්ලේ ගී හෝ බටර් සුවල්පයක් ගා ගෙන කුඩා බෝල ආකාරයට සාදා ගන්න. මෙම බෝල බැදීමේදී විශාල වේ. පසුව එකවර ගලාබ් ඡාමුන් බෝල 8 - 10ත් අත‍රේ දමමින් රන්වන් පාට වනතුරැ බැද ගන්න. ලිපේ ගින්දර අඩු කර බැද ගැනීමට අවශ්‍ය වේ. එවිට බැදීමේදී විනාඩි 5 -6ක් පමණ ගත වේ. එවිටයි හොදට තැම්බෙන්නේ.
                 පසුව මෙම ගුලාබ් ඡාමුන් ටික බැදුණු පසු විනාඩි 10ක් පමණ නිවෙන්නට හරින්න. ඉන්පසුව මේවා සීනි සිරප් එකේ දමා පැය 1/2ක් පමණ තබන්නත හොදට සිරප් ගුලාබ් ඡාමුන් වලට උරා ගන්නකම්.

                 
                

No comments:

Post a Comment