Advertiesment

Friday, July 27, 2012

ඩාක් චොකලට් ඔරේන්ඡ් මිනි මෆින්ස් Dark Chocolate Orange Mini Muffins

ඩාක් චොකලට් ඔරේන්ඡ් මිනි මෆින්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
  • පිටි කෝප්ප 1
  • හාල් පිටි කෝප්ප 1
  • බේකින් පවුඩර් තේ හැදි 1 1/2
  • ආප්ප සෝඩා තේ හැදි 1/4
  • ලුණු ස්වල්පයක්
  • සිනි කෝප්ප 2/3
  • කොකෝවා පවුඩර් කෝප්ප 1/3
  • කිරි කෝප්ප 1 1/4
  • බිත්තර 1
  • ගා ගත් දොඩම් පිට පොත්ත තේ  හැදි 2
  • දොඩම් යුෂ මේස  හැදි 1/3
  • කුඩාවට කැපූ චොකලට් චිප්ස් කෝප්ප 1/3
  • බටර් කෝප්ප 1/4

සාදන අන්දම
                   අවනය 190c කට රත් කර ගන්න. පිටි, හාල්පිටි, බේකින් පවුඩර්, ආප්ප සෝඩා හා ලුණු හොදින් හලා ගන්න. එය පසෙකින් තබන්න. දැන් භාඡනයක් ගෙන එයට සීනි හා කොකෝවා පවුඩර් විස්ක් එකකින් බීට් කරන්න. එයට කිරි ටිකෙන් ටික කිරිද කලවම් කර ගනිමින් හොදින මිශ්‍ර වනතුරැ බීට් කර ගන්න. පසුව එයට බිත්තරයද, දොඩම් ‍පොතු, දොඩම් යුෂ හා බටර් දමා ගෙන හොදින් බීට් කර ගන්න. පසුව මෙයට පිටි මිශ්‍රණයද දමා ගෙන චොකලට් චිප්ස් ටිකත් එකතු කර ගන්න. පසුව මෙම මිශ්‍රණයෙන් ටික බැගින් ගෙන මෆින් කප් වලට දමා ගෙන විනාඩි 15ක් පමණ බේක් කර ගන්න.

No comments:

Post a Comment