Advertiesment

Friday, July 13, 2012

රට ඉදි පුඩිම Spicy Date Pudding

රට ඉදි පුඩිම (ස්පයිසි ඩේට් පුඩිං)

අවශ්‍ය ද්‍රව්‍ය
  • හොදින් හලා ගත් පිටි 200g
    මාගරින් 75g
    සීනි 75g
    රට ඉදි 100g
    කිරි මේස හැදි 4
    කුඑ බඩු තේ හැදි 1/2
    ලුනු තේ හැදි 1/2

සෝස් එක සදහා -
  • ගෝල්ඩන් සිරප් මේස හැදි 6
    සාමාන්‍ය ප්‍රමාණයේ ලෙමන් ගෙඩි 1

සාදන අන්දම -
                  භාඡනයකට පිටි හා ලුනු එකතු කරන්න. එයට මාගරින්ද එකතු කර හොදින් අනා ගන්න. සීනි කලවම් කරන්න. රට ඉදි කුඩාවට කපා ගන්න. බිත්තර හා කිරි හොදින් ගසා ගන්න. එයට රට ඉදි හා කුඑ බඩු එකතු කර ඉහත මිශ්‍රනයට දමා කලවම් කරන්න. මෙය පුඩිං තැටියකට දමා පැය 1 1/2 පමණ වාෂ්පයෙන් තම්බා ගන්න.

සෝස් එක සාදන අන්දම -
                           ගෝල්ඩන් සිරප් ලිප තබා ලෙමන් පොතු ස්වල්පයක් හා ලෙමන් ඉස්ම ස්වල්පයක් කලවම් කර සාදා ගන්න. මෙය පුඩිමට උඩින් වත් කරන්න.

No comments:

Post a Comment