Advertiesment

Sunday, July 15, 2012

තල බෝල Sesame Balls


තල බෝල
 


අවශ්‍ය ද්‍රව්‍ය
  • ශුද්ධ කර, ගරා, සොදා, වේලාගත් තල      250g
  • හකුරැ      200 g
  • වේලාගත් පොල් බෑයක     පොල්
  • ලුණු    ස්වල්පයක්

සාදන අන්දම
            පළමුව තල, හකුරැ, පොල් හා ලුණු වංගෙඩියක දමා හොදින් කොටා ගන්න. දැන් එම මිශ්‍රණයෙන් දොඹගෙඩියක පමණ ප්‍රමාණයේ බෝල සාදාගන්න. තල බෝල මේ ආකාරයට සාදා ගත හැක. තල කැරලි සාදන විට හොදින් සෝදා ශුද්ධ කරගත් එස්ලෝන් බටයට තල මිශ්‍රණය දමා හැදිමිටකින් තදකර එය පිට්ටු එලියට ගන්නා ලෙස එළියට ගෙන අගල් 1 ½ ක් පමණ දිග කැබලි කපා තෙල් කඩදාසියක ඔතාගන්න. නැතිකම් තෙල් කඩදාසියක ඔතා නැවතත් සව් කඩදාසියක ඔතා දෙපැත්ත රැලි කපන්න.

No comments:

Post a Comment