Advertiesment

Tuesday, July 17, 2012

ළුණු ෆ්‍රිටර්ස් Onion Fritters


ළුණු ෆ්‍රිටර්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
  • බිත්තර 1
  • වතුර මේස හැදි 4
  • ලෙමන් යුෂ ‍මේස හැදි 1
  • කඩල පිටි කෝප්ප 1
  • ලුණු තේ හැදි ¾
  • මිරිස් කුඩු තේ හැදි ½
  • ගරම් මසාලා තේ හැදි ½
  • දූරැ ඇට තේ හැදි ½
  • දූරැ කුඩු තේ හැදි 1
  • කහ කුඩු තේ හැදි ¼
  • හොදින් පොඩියට කපා ගත් මිරිස් කරල් 1
  • කුඩාවට කපා ගත් කරපිංචා මේස හැදි 2
  • බී ළුණු ලොකු ගෙඩි 1 කෑලි කපා ගෙන
  • බැදීමට අවශ්‍ය තරම් තෙල්

සාදන අන්දම
            බිත්තරය කඩා බදුනකට දමා හොදින් බීට් කර ගන්න. පසුව එයට වතුර හා ලෙමන් ඉස්ම දමා ගෙන හොදට මිශ්‍ර කර ගන්න. පසුව කඩල පිටි ටික දමා ගෙන හොදින් විස්ක් එකක් ආධාරයෙන් ගසා ගන්න. දැන් එයට ලුනු කුඩු, මිරිස් කුඩු, ගරම් මසාලා, දූරැ ඇට, දූරැ, කහ කුඩු, අමු මිරිස් හා කරපිංචා දමා ගෙන හොදින් මිශ්‍ර කර ගෙන විනාඩි 10ක් පමණ පැත්තකින් තබන්න.
            පසුව නැවත විස්ක් එක මගින් බීට් කර ගන්න. උකු ද්‍රාවනයක් විය යුතුයි. දැන් භාඡනයක් ලිප තබා එයට තෙල් දමා මධ්‍යම ප්‍රමාණයකට රත් වෙන්න හරින්න. තෙල් වල ගැඹුර අගල් 3ක් විය යුතුයි.
            පසුව තෙල් රත් වූ පසු  ළුණු කැබලි බැටරයේ දමා ගෙන තෙල් තාච්චියට දමා බැද ගන්න. මේ ආකාරය‍ට ඔබට කැමති එළවලු වර්ගයක් මෙම බැටරයේ දමා බැද ගත හැක.

No comments:

Post a Comment