Advertiesment

Monday, July 16, 2012

ඌරැ මස් සමග ඇපල් සලාදය Pork and apple Salad


ඌරැ මස් සමග ඇපල් සලාදය

අවශ්‍ය දුව්‍ය
  • රෝස්ට් කර සිසිල් කරගත් ඌරැ මස්  300g
  • ඇපල්   200 g
  • දෙහි හෝ ලෙමන් යුෂ ස්වල්පයක්
  • මයෝනීස් සෝස් ස්වල්පයක්
  • ගම්මිරිස් රස පදමට
  • ලුණු රස පදමට

සාදන අන්දම
            මුලින්ම රෝස්ට් කර ගත් ඌරැ මස් කුඩා කොටු හැඩයට කපාගන්න. පසුව ඇපල් වල මදය පිරිසිදු කර, ඇට ඉවත් කර, පොත්ත ඉවත් නොකර හොදින් සෝදා කොටු හැඩයට කපාගන්න. එයටම ලෙමන් යුෂ හෝ දෙහි යුෂ එක්කර ඇපල් වල පැහැය වෙනස් වන්නට පෙර හොදින් මිශ්‍ර කර ගන්න. දැන් බදුනක් ගෙන කපාගත් ඇපල් හා රෝස්ට් කරගත් ඌරැ මස් එක්කරන්න. රස අනූව ලුණු, ගම්මිරිස්, මයෝනීස් ‍සෝස් එක්කර සලාද දීසියකට දමා සරසා පිළිගන්වන්න.

No comments:

Post a Comment