Advertiesment

Monday, July 16, 2012

ටුමැටෝ ඇන්ඩ් හර්බ් ෆෙටුසීනි Tomato and Herb Pettuccine


ටුමැටෝ ඇන්ඩ් හර්බ් ෆෙටුසීනි

අවශ්‍ය දුව්‍ය
  • තම්බා ගත් ෆෙටු සීනි පැස්ටා 400g
  • චොප් කර ගත් බී ළුණු හා සුදු ළුණු මේස හැදි 2 බැගින්
  • චොප් කර ගත් තයිම් ඇන්ඩ් රෝස්මරී හර්බ්ස් තේ හැදි 2
  • බේ ලීෆ් කොළ 2
  • තම්බාගත් ලෙල්ල හා ඇට ඉවත් කර ගත් තක්කාලි තරමක කැබලි ලෙස චොප් කරගත් 250g
  • තක්කාලි පේස්ට් මේස හැදි 2
  • වතුර කෝප්ප 2
  • චොප් කරගත් පාරස්ලි ස්වල්පයක් උඩින් ඉස ගැනීම සදහා
  • තෙල් මේස හැදි 3 – 4
  • සිහින්ව දිග අතට කපා ගත් කැරට් හා ලීක්ස් 100g බැගින්
  • ලුනු කුඩු / ගම්මිරිස් කුඩු හා සීනි ස්වල්පයක් රස පදමට 
සාදන අන්දම
            පැතෙලි සාස්පානක් ගෙන තෙල්ටික දමා රත්වන නිට චොප් කර ගත් සියල්ල සමග බේලීෆ් කොළ දෙක දමා සාමාන්‍ය තරමට තෙම්පරාදු වන අතරම මෙයට චොප් කරගත් තක්කාලි ටික සමග පේස්ට් හා වතුර ටිකද එක් කර කලවම් කර හොදට උතුරැවා ගන්න අතරම සිහින්ව කපා ගත් එළවළු ටික දමාගෙන මදගින්නේ සෝස් එක තරමක් උකු ගතියට හැරෙනතුරැ හා එලවලු කැබලි ට්ක බුරැල්ව පිසෙන කරමට පිසගන්න.
            දැන් නිසියාකාරව තම්බාගත් පැස්ටා ටික මෙම සෝස් එකට දමා ප්‍රවේසමෙන් කලවම් කර ගන්න. මෙයට අවශ්‍ය පමණට ලුනු හා ගම්මිරිස් ටිකක් සමග සීනි ස්වල්පයක්ද එක් කර පදම් කරගෙන අවසානයට චොප් කර ගත් නැවුම් පාර්ස්ලි ස්වල්පයක් ඉසගෙන සරසා උණුසුම්ව පිළියෙල කර ගත් චිකන් ස්ට්‍රොගනොෆ් සමග ආහාරයට ගන්න.

No comments:

Post a Comment