Advertiesment

Tuesday, July 24, 2012

බ්ලැක් ෆොරස්ට් ගැටෝ Blach Forest Gateaux


                          බ්ලැක් ෆොරස්ට් ගැටෝ

අවශ්‍ය ද්‍රව්‍ය
  • බිත්තර 3
  • සීනි මේස හැදි 6
  • පිටි කෝප්ප ½
  • බේකින් පවුඩර් තේ හැදි 1
  • කොකෝවා පවුඩර් මේස හැදි 2
  • ටින් කළ චෙරි සහිත සිරප් කෝප්ප ½
  • විපින් ක්‍රීම් කෝප්ප 1
  • ගාගත් චොකලට් - සැරසීමට

සාදන අන්දම
            පළමුව අවනය 180co ට රත් කර ගන්න. අගල් 8ක් ගැඹුර ඇති රවුම් හැඩැති කේක් ටින් එකක් ගන්න.
දැන් බදුනක් ගෙන එයට බිත්තර 3 දමා ගෙන හොදින් බීට් කර ගන්න. පසුව එයට සීනි එකතු කර ගනිමින් විනාඩි 8 – 10ත් අතර බීට් කර ගන්න. පිටි සමග හලා ගත් බේකින් පවුඩර් හා කොකෝවා පවුඩර් මිශ්‍රණයත් ගෙන මෙම බිත්තර මිශ්‍රණයට දමා ගෙන ෆෝල්ඩ් කර ගන්න. පසුව මෙම මිශ්‍රණය විනාඩි 20 -25 ත් අතර බේක් කර ගන්න. හොදින් බේක් වූ පසු මෙය හොදින් නිවෙන්නට හරින්න. පසුව මෙය මැදින් දෙකට පලා ගෙන වෙන් කර ගන්න.
            වෙන් කර ගත් පලු දෙක මැදට චෙරි සිරප් ඉසින්න. බීට් කර ගත් විපින් ක්‍රීම් ගා ගෙන චෙරිත් දමා ගෙන නැවත උඩ පලුව උඩින් තබා ගෙන මෙම ගැටෝ එකේ උඩ හා දෙපැත්ත හොදින් විපින් ක්‍රීම් තවරා ගා ගත් චොකලට් වලින් සරසා ගන්න.

No comments:

Post a Comment