Advertiesment

Friday, July 27, 2012

ටුටී ෆෘටී පෑන් කේක් Tutti - Frutti - Pancakes


ටුටී ‍ෆෘටී පෑන් කේක්
 
අවශ්‍ය ද්‍රව්‍ය
  • එළවලු තෙල්
  • කෝප්ප 4 කැමති පලතුරැ වර්ග (සට්‍රෝබෙරි, කෙසෙල්, පැපොල්, මිදි, ඇපල්, වැනිදෑ)කෑලි වලට කපා ගෙන
  • යෝගට්
  • මාපල් සිරප්
  • අයිසිං සීනි
පෑන් කේක් බැටරය සෑදීම සදහා (පෑන් කේක් 10 – 12ක්)
  • පිටි කෝප්ප 1/3
  • බේකින් පවුඩර් තේ හැදි ½
  • සීනි මේස හැදි 1
  • ලුණු ස්වල්පයක්
  • බිත්තර 3
  • ඇල් වතුර (යන්තම් රස්නේ)කෝප්ප ½
  • යන්තම් උණු කිරි කෝප්ප ½
  • බටර් මේස හැදි 3

සාදන අන්දම
පෑන් කේක් බැටරය සාදන අන්දම
            භාඡනයකට පිටි, බේකින් පවුඩර්, ලුණු හා සීනි දමා ගෙන මිශ්‍ර කර ගන්න. පසුව එයට විස්ක් එකක ආධාරයෙන් බිත්තර හා වතුර දමා ගෙන ගසා ගෙන ටිකෙන් ටික කිරි හා බටර් දමා ගෙන විස්ක් එකෙන් ගසා ගන්න. මෘදු සුමුදු බැටරයක් එනතුරැ. පසුව මෙය ශීතකරණයේ ටික වේලාවක් තබා ඉවතට ගෙන පෑන් කේක් සාදා ගන්න.
            දැන් පිඟානකට පෑනි කේක් 2 බැගින් තබන්න. පසුව පෑනි කේක් මැදට පලතුරැ, යෝගට්, මාපල් සිරප් ඉස, අයිසිං සුගර් වලින් ඩස්ට් කර ගෙන පෑන් කේක් එකෙන් දෙට නවා කෑමට ගන්න.

No comments:

Post a Comment