Advertiesment

Thursday, July 26, 2012

කෙසෙල් මුව අච්චාරැව Kesel Muwa Achcharuwa


කෙසෙල් මුව අච්චාරැව

අවශ්‍ය ද්‍රව්‍ය
  • විනාකිරි
  • කෙසෙල් මුව
  • රතු ළුණු
  • අමු මිරිස්
  • ගම්මිරිස්
  • අබ
  • සීනි
  • ලුණු
  • සියඹලා මිශ්‍රණය (සියඹලා වතුරේ දමා සාදාගත් මිශ්‍රණය)

සාදන අන්දම
            පළමුව අබ, ගම්මිරිස් විනාකිරි සමග ගලකින් අඹරා මිශ්‍රණයක් සාදා පසෙකින් තබා ගන්න.
            කෙසෙල් මුව ගෙන හීනියට ලියා ගෙන ලුණු සමග මිශ්‍ර කරගත් වතුරේ පොඟවා වතුර හැර වෙන භාඡනයකට දමා ගන්න. මෙයට අමුවෙන් රතු ළුණු දෙකට පලා ගෙන හා නොගෙන දමා ගන්න. මෙලෙසම අමු මිරිස්, කැරට් ද දමා ගෙන ගන්න.
            දැන් පෙරාතුව සාදාගත් විනාකිරි මිශ්‍රණයට ලුණු කුඩු, කහ කුඩු, සියඹලා මිශ්‍රණය හා විනාකිරිත් දමා ගෙන සීනි තේ හැදි 2 – 3ක් පමණත් දමා ගෙන හොදට මිශ්‍ර කර ගන්න. මෙලෙස සාදා ගත් මිශ්‍රණයට කෙසෙල් මුව, රතුළුණු, අමුමිරිස්, කැරට් දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න.
            මෙය රසවත් වන්නේ දින 1 ½ ක් හා දින 2 කින් පමණ.

No comments:

Post a Comment