Advertiesment

Monday, July 16, 2012

චිකන් ස්ට්‍රොගනෝෆ් Chicken Stroganoff


චිකන් ස්ට්‍රොගනෝෆ්

අවශ්‍ය ද්‍රව්‍ය
  •   දිග අතට කපා ගත් කුකුළු මස් (කටු / සම ඉවත් කර) 500
  • තෙල් මේස හැදි 4  
  • කුඩාවට චොප් කර ගත් බී ළුණු හා සුදු ළුණු මේස හැදි 2 බැගින්         
  •  චොප් කර ගත් සේප් හා තයිම් හර්බ්ස් තේ හැදි 1          
  • පෙති ලෙස කපා ගත් බට්න් හතු 100g         
  • පාන් පිටි මේස හැදි 2 – 3          
  • වයිට් වයින් (ආදේශකයක් ලෙස කෘතිම විනාකිරි ස්වල්පයක්) මේස හැදි 4        
  •  වතුර කෝප්ප 1          
  • සීසනිං චිකන් පවුඩර් තේ හැදි ½          
  • නැවුම් ක්‍රීම් 100g        
  •  අබ ක්‍රීම් (ප්‍රංශ හෝ ඉංග්‍රීසි නම් වඩා හොදයි) මේස හැදි 1        
  •  ලුණු හා ගම්මිරිස් කුඩු රස පදමට        
  •  සෝයා සෝස් ස්වල්පයක් අවශ්‍ය නම් පමණක් ගන්න 
  •   චොප් කර ගත් පාර්ස්ලි / අවසානයට ඉස ගැනීම සදහා මේස හැදි 1
සාදන අන්දම
            ප්‍රථමයෙන් සෝදා පිරිසිදු කරගෙන පෙරා ගත් කුකුල් මස් ටික මතට ලුණු, ගම්මිරිස්, පාන්පිටි, හර්බ්ස් ටික තෙල් ටිකක් දමා රත් වන විට ඉහත පදම් කර ගත් කුකුල් මස් ටික දමා මස් ටික හොදට දුඹුරැ පැහැයෙට හැරෙන තරමට තෙම්පරාදු කර ගන්න.
            දැන් මෙයට ලුණු ටික හා සුදු ළුණු ද දමා කෙම්පරාදු කර දැන් වයින් ටික හා අබ ක්‍රීම් ටිකද දමා කලවම් කර ඊට පසු මද ගින්නේ විනාඩි 15 පමණ කාලයක් තුළ මස් ටික හොදට බුරැල් වන තරමට පිස ගන්න.
            දැන් අවශ්‍ය නම් ගම්මිරිස් කුඩුද දමා පදම් කර අවසානයට නැවුම් ක්‍රීම් ටිකක් සමග පෙති ලෙස කපා ගත් හතු කැබලි ටිකක් දමා කලවම් කර මෙය සාමාන්‍ය උකු ගතියට හැරෙනතුරැ පිසගෙන අවසානයට චොප් කර ගත් පාර්ස්ලි ස්වල්පයක් ඉස සරසා උණුසුම්ව කෑමට ගන්න.

No comments:

Post a Comment