කුඩා කප් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි 125 g
- සීනි 125 g
- බේකින් පවුඩර් තේ හැදි 1
- කරන්ට්ස් එසන්ස් හෝ කැරමල් එසන්ස්
- බිත්තර 2
- බටර් 125 g
- කෙසෙල් (කෙසෙල් කැබලි කපා ගෙන එයට දෙහි ඇඹුල් ටිකක් එකතු කර ගන්න)
සාදන අන්දම
බටර් හා සීනි දමා බීට් කරන්න. පසුව
බිත්තර එක බැගින් දමමින් බීට් කරන්න. එයට එසන්ස ද දමා කෙසෙල් කැබලිත් දමා ගෙන
හොදින් බීට් කරන්න. පසුව පිටි සමග එකතු කර හලා ගත් බේකින් පවුඩර් ද දමා බීට්
කරන්න. පසුව කුඩා කප් වලට ¾ ක් වන ලෙස
දමා 175 co ක විනාඩි 10ක්
බේක් කර ගන්න.
No comments:
Post a Comment