Advertiesment

Sunday, July 15, 2012

බත් සමග කරි සලාදය Rice with Curry Salad


බත් සමග කරි සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය
  • ඇට ඉවත් කරගත් වියළි මිදි 50g
  • දිග ඇට සහල් (බාස්මතී) 250 g
  • තුනපහ කුඩු මේස හැදි 1 ½
  • කඡු 100 g
  • තම්බාගත් ග්‍රීන්පීස් 75 g
  • ලෙමන් හෝ දෙහි යුෂ ස්වල්පයක්
  • මයෝනීස් සෝස් ස්වල්පයක්
  • ලුණු රස පදමට

සාදන අන්දම
            පළමුව වියළි මිදි හොදින් සෝදා මද රස්නය ඇති වතුරේ පෙගෙන්නට තබන්න. දැන් බදුනක් ලිප තබා වතුර එක්කර එය උතුරවන්නට හැර ලුණු ස්වල්පයක් දමා සෝදා පිරිසිදු කරගත් සහලි හා තුනපහ එයට එක් කරන්න. (කූඩ්ල්ස් තම්බන අයුරින් මෙය තම්බා ගන්න) පසුව මෙහි වතුර පෙරා සිසිල් ඡලයෙන් සෝදා නිවෙන්නට හරින්න.
            කඡු ගැඹුරැ තෙලේ බැද කැබලි වලට කපා ගන්න. දැන් පිරිසිදු බදුනක් ගෙන එයට තම්බාගත් බත්, ග්‍රීන්පීස්, දෙහි යුෂ, කඡු, මයෝනීස් අවශ්‍ය පමණට එක්කර හොදින් කලවම් කරන්න. දැන් මෙය ශීතකරණයේ ටික වේලාවක් තබන්න. පසුව සලාද දීසියකට දමා අලංකාර කර පිළිගන්වන්න.

No comments:

Post a Comment