Advertiesment

Friday, July 13, 2012

ඔරේන්ඡ් ක්වීන් ඔෆ් පුඩිම Orange Queen of Pudding

ඔරේන්ඡ් ක්වීන් ඔෆ් පුඩිං

අවශ්‍ය ද්‍රව්‍ය
  • කහපාට දොඩම් ගෙඩි 2
  • කිරි 570 ml
  • මාගරින් 25 g
  • සීනි 50 g
  • අලුත් පාන් කුඩු 125 g
  • බිත්තර කහ මද 2

පිරවීම සදහා

  • බිත්තර සුදුමද 2
  • සීනි 75 g
  • චෙරිස් 2
  • ‍ග්‍රේට් කර ගත් දොඩම් පොතු ටිකක්, දොඩම් කැබලි කීපයක්

සාදන අන්දම
             මාගරින් ,සීනි හා කිරි ලිප තබා උණු කරන්න. මෙයට පාන් කුඩු එක්කර හොදින් කලවම් කරන්න. මෙයට ගසා ගත් බිත්තර කහ මද හා දොඩම් පොතු එකතු කරන්න. මෙයට කපා ගන්නා ලද දොඩම් කැබලිද එක්කර හොදින් කලවම් කරන්න. මේ මිශ්‍රනය පුඩිම් තැටියකට හෝ පයි දීසියකට දමා විනාඩි 30-40 ක් බේක් කරගන්න. පෝරණුවෙන් ගත් පසු දොඩම් පෙති උඩින් පුරවන්න. බිත්තර සුදුමද හා සීනි දමා සාදා ගත් මිරෑන් එක උඩින් දමා විනාඩි 5-10 බේක් කර ගන්න. (මද දුඹුරැ පාට වනතුරැ ) ඉන්පසු චෙරිස් වලින් අලංකාර කර ගන්න.

No comments:

Post a Comment