Advertiesment

Monday, July 16, 2012

පැස්ටා ෂෙල්ස් Pasta Shells


පැස්ටා ෂෙල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
  • පැස්ටා ෂෙල්ස් පැකට් 1
  • තැම්බූ මස් (කැමති මස් වර්ගයක්)
  • තක්කාලි පේස්ට් මේස හැදි 2
  • කුඩාවට කැපූ සුදු ළුණු
  • කරාබුනැටි 4 – 5
  • කපා ගත් බී ළුණු 2
  • කෑලි මිරිස් කැබලි තේ හැදි 2 (ඇට නැතිව)
  • අමු මිරිස් 6
  • හයිලන්ඩ් කිරි කෝප්ප 1/‍2
  • තෙල් මේස හැදි 1
  • ලුණු, ගම්මිරිස් කුඩු රස පදමට

සාදන අන්දම
            පැස්ටා තම්බා ගන්න. එහි වතුර බේරා පැත්තකින් තබා ගන්න. තෙල් සාස්පානකට දමා රත් කර එයට ළුණු බැද ගන්න. පසුව සුදුළුණු, මිරිස් හා තක්කාලි පේස්ට් දමා කලවම් කර ගන්න. පසුව මස් දමා ගෙන කෑලි මිරිස් දමා ගන්න. පසුව ලුණු හා ගම්මිරිස් රස අනූව දමා ගන්න. අන්තිමට කිරි එකතු කර ගන්න. පසුව එය තැම්බු පසු පැස්ටා ෂෙල්ස් ටික එයට එකතු කරන්න. පසුව එය ලිපෙන් බා මිශ්‍ර කර ගන්න.

No comments:

Post a Comment