Advertiesment

Thursday, July 19, 2012

පොල් කේක් Coconut Cake


පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
  • සීනි 500g
  • පිටි 250g
  • මාගරින් 100g
  • බිත්තර 3
  • පොල් ගෙඩියක් පොල්
  • බේකින් පවුඩර් තේ හැදි 2
  • වැනිලා තේ හැදි 2
  • සුවද කුඩු දමන්නේ නම් තේ හැදි 1
  • (අවශ්‍ය නම් රට ඉදි 100 හා කඡු 50 ක්)

සාදන අන්දම
            කේක් එක සෑදීමට පෙර ඉහත කී සීනි 500g න් සීනි 250g ක් ලිප තබා පැණි පොල් මිශ්‍රණය සාදා පසෙක තබන්න.
            වෙන භාඡනයක් ගෙන එයට සීනි හා මාගරින් දමා බීට් කරන්න. වරකට බිත්තර එක බැගින් දමමින් බිත්තර ද එකතු කර සීනි ඇටයක්වත් නැති වනතුරැ බීට් කරන්න. වැනිලා හා ඉහත සෑදු පැණිපොල් මිශ්‍රණයද දමා නැවතත් බීට් කරන්න. බේකින් පවුඩර් දමා තෙවරක් හැලූ පිටි ද දමා හොදින් කලවම් කර තෙල් කඩදාසි ඇලවූ කැටියක් දමා විනාඩි 30 ත් 35 ත් අතර 180co ත් 200co  ත් අතර උෂ්ණත්වයක බේක් කර ගන්න.

No comments:

Post a Comment