Advertiesment

Sunday, July 8, 2012

ෆලූඩා Faluda

ෆලූඩා

අවශ්‍ය ද්‍රව්‍ය


කල් කිරි බෝතල් 1

පැණි රස අනුව සීනි
කස කසා තේ හැදි 2
සංඡා 1g
රෝස එසන්ස් තේ හැදි 1/8
ආමන්ඩ් එසන්ස් බිංදු 2
වැනිලා තේ හැදි 1
වර්ණක 1 ක් හෝ 2 ක්
වැනිලා අයිස් ක්‍රීම්

සාදන අන්දම
       කස කසා තේ හැදි 2 ට ඇල් වතුර කෝප්ප 1 ක් දමා පෙගෙන්නට තබන්න. සංඡා දිය වනතෙක් උණු කර උණු වූ පසු ලිපෙන් බා කොටස් 1 කට හෝ 2 කට බෙදා වර්ණක 1 ක් හෝ 2 ක් දමා ශීතකරණයේ තබන්න.
       කල්කිරි බෝතලය කඩා බදුනකට දමන්න. එයට අවශ්‍ය තරම් වතුර රස අනූව සීනි ද ලුණු ස්වල්පයක් ද දමා ලිප තබා උණු කරන්න. උණු වූ පසු ලිපෙන් බා පෙගෙන්නට දැමූ කස කසා ද එසන්ස් වර්ගද දමා නිමෙන්නට හැර ශීතකරණයේ තබා බීමට ගන්නා විටදී සංඡා ද කෑලි කපා දමා අයිස්ක්‍රීම් සමග බීමට ගන්නේ නම් රස වඩාත් වැඩිවේ.
                

No comments:

Post a Comment