Advertiesment

Sunday, July 22, 2012

ඔරේන්ඡ් කස්ටඩ් Orange Custard


ඔරේන්ඡ් කස්ටඩ්

අවශ්‍ය ද්‍රව්‍ය
  • දොඩම් යුෂ කෝප්ප 2
  • දොඩම් මාමලේඩ් මේස හැදි 3
  • දොඩම් බික් - සැරසිමට
  • බිත්තර කහ මද 3
  • සීනි කෝප්ප ½
  • කෝන්ෆ්ලවර් මේස හැදි 1
  • ඡෙලටින් තේ හැදි 2
  • රස්නේ වතුර කෝප්ප ¼
  • විප්ඩ් ක්‍රීම් කෝප්ප 2

සාදන අන්දම
            ගැඹුරැ භාඡනයක දොඩම් යුෂ දමා ගෙන රත් කර ගන්න. වෙන බෝල් එකක් ගෙන එයට බිත්තර කහමද දමා ගෙන එයට සීනිත් දමා ගෙන විස්ක් එකක් ආධාරයෙන් හොදින් සීනි දිය වෙනතුරැ බීට් කර ගන්න. එයටම කෝන්ෆ්ලවර් එකතු කර ගෙන බීට් කර ගන්න. රස්නේ වතුර කෝප්ප ¼කට ඡෙලටින් දමා ගෙන දිය කර ගන්න. පසුව රත් කර ගත් දොඩම් යුෂ බිත්තර කහමද මිශ්‍රණයට දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. පසුව වෙන පෑන් එකකට මාරැ කර ගෙන එය මද රස්නේන ලිප තබා ගෙන හැදි ගාන්න. එය ඝන ද්‍රාවනයක් වනතුරැ සාදා ගන්න. පසුව එය ලිපෙන් අයින් කර ගෙන වෙන  බෝල් එකකට දමා ගෙන එයට දොඩම් මාමලේඩ් එකතු කර ගන්න. හොදින් මිශ්‍ර කර ගන්න. පසුව එය නිවෙන්නට තබන්න.
            මෙය ශීතකරණයක තබා පසුව ඉවතට ගෙන එයට විප්ඩ් ක්‍රීම් එකතු කර ගන්න. එයත් හොදින් මිශ්‍ර කර ගන්න. පසුව මෙය කැමති කප් වලට පුරවා දොඩම් බික් වලින් සරසා ගන්න.

No comments:

Post a Comment