Advertiesment

Sunday, July 8, 2012

රිච් චොකලට් කේක් Rich Chocolate Cake



රිච් චොකලට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
  • පිටි කෝප්ප 2
  • පිටි සීනි කෝප්ප 1 3/4
  • බටර් කෝප්ප 2/3
  • කොකෝවා පවුඩර් කෝප්ප 2/3
  • වතුර කෝප්ප 1
  • වැනිලා තේ හැදි 1
  • බේකින් සෝඩා තේ හැදි ½
  • ලුණු තේ හැදි ¼
  • බිත්තර 3

සාදන අන්දම
       පිටි, බේකින් සෝඩා, කොකෝවා කුඩු හොදින් තෙවරක් හලා ගන්න. පසුව එයට පිටි සීනි, ලුණු, බටර්, වතුර එක් කර ගනිමින් හොදින් බීට්කර ගන්න. පසුව වරකට බිත්තර 1 බැගින් දමමින් හොදින් බීට් කර ගන්න. එම බැටරය හොදින් බීට් වූ විට සිලිටු මිශ්‍රණයක් සේ පෙනෙයි.
        පසුව මෙම මිශ්‍රණය දෙකට බෙදා ගෙන බේකින් ට්‍රේ එකකට කොටසක් බැගින් දමමින් විනාඩි 20 – 25 ත් අතර එකිනෙක වෙන වෙනම බේක් කර ගන්න. උදුනෙන් බා ගත් පසු නිවෙන්න හැර ආහාරයට ගන්න.
  

No comments:

Post a Comment