සැර මස් කරි
අවශ්‍ය ද්‍රව්‍ය
- අඹරාගත් සුදුළුණු බික් 1
- හීනියට කපාගත් ළුණු ගෙඩි 1
- තුනපහ කුඩු මේස හැදි 2
- මිරිස් කුඩු මේස හැදි 1
- කපාගත් මස් 500g
- අඹරාගත් ඉගුරැ තේ හැදි 1
- චට්නි මේස හැදි 1
- වෙඡිමයිට් හෝ මාමයිට් මේස හැදි 1
- ඇපල් යුෂ කෝප්ප ¼
- කෝන්ෆලවර් තේ හැදි ½
සාදන අන්දම
තාච්චියක තෙල් ස්වල්පයක් දමා රත්වුනු
පසු සුදුළුණු, මිරිස් හා තුනපහ කුඩු දමා ළුණු මෙලෙක් වන තෙක් බැදගන්න. මස් ටික ටික
දමා බැදෙන්න හරින්න. ඉන්පසු ඉගුරැ ද එක්කර බැදගන්න. හොදට බැදුන පසු සියළුම ද්‍රව්‍ය
දමා හැදිගාන්න. තරමක් උකු වුණාට පසු ලිපෙන් බාන්න.
No comments:
Post a Comment