Advertiesment

Monday, December 31, 2012

අල පුලාවෝ Potato Pulao

අල පුලාවෝ

අවශ්‍ය ද්‍රව්‍ය
  • බාස්මතී හාල් කෝප්ප 2
  • ගී තෙල් මේස හැදි 2
  • සූදුරැ ඇට මේස හැදි 1
  • ගාගත් ඉගුරැ මේස හැදි 1
  • ග්‍රීන්පීස් කෝප්ප 1
  • අල කෝප්ප 1 - ලෙලි ඉවත් කොට කුඩාවට කපා ගෙන
  • කොත්තමල්ලී කුඩු මේස හැදි 2
  • ගරම් මසාලා තේ හැදි 1
  • ලුනු රස පදමට
  • කහ කුඩු තේ හැදි 1/4

සාදන අන්දම
                 පෑන් එකක් ලිප තබා එයට ගී තෙල් රත් කර එයට සූදුරැ ආට හා ඉගුරැ එකතු කර ගෙන රත් කර ගන්න. ඉගුරැ ටිකක් දුඹුරැ පැහැ වූ පසු එයට ග්‍රීන්පීස් හා අල එකතු කරන්න. දැන් එයට පොගවා ගත් හාල්, කොත්තමල්ලී කුඩු, ගරම් මසාලා, ලුණූ හා කහ කුඩු එක් කර හොදින් මිශ්‍ර කර ගන්න. ටිකක් බැදෙන්න හරින්න. දැන් මෙයට වතුර කෝප්ප 4ක් එකතු කරන්න. එය වසා නොගෙන තැම්බෙන්න හරින්න. පසුව උෂ්ණත්වය අඩු කර ආවරණය කර ගෙන විනාඩි 10ක් පමණ ලිප තබා උණුවෙන්ම පිළිගන්වන්න.

No comments:

Post a Comment