චිලී චිකන්
අවශ්‍ය ද්‍රව්‍ය- ගැඹුරැ තෙලේ බැද ගත් කුකුල් මස්
- චොප් කර ගත් බී ළුණු
- චොප් කර ගත් සුදු ළුණු
- අමුමිරිස්
- ඉගුරැ
- කෑලි මිරිස් තේ හැදි 1 1/2
- ගම්මිරිස් කුඩු තේ හැදි 1 1/2
- කරපිංචා ස්වල්පයක්
- ලුනු රස පදමට
- වතුර වීදුරැ 1/4ක්
- සීනි තේ හැදි 1
- දික් අතට කපා ගත් ළුණු ගස් කිහිපයක්
- තක්කාලි සෝස්
- තෙල්
පළමුව භාඡනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා රත් වූ පසු කුඩාවට චොප් කර ගත් බී ළුණු, සුදු ළුණු, ඉතුරැ දමා ගෙන හොදින් මිශ්‍ර කරන්න. දැන් එයට කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු, දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. කරපිංචා ස්වල්පයකුත් එක් කරගන්න. අමුමිරිස් ටිකකුත් එක් කර ගන්න. දැන් මෙයට කෑලි මිර්ස්, ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සුදු ළුණු, ඉගුරැ දමා ගෙන සීසන් කර පැය 1/2 ක් පමණ තබා ගැඹුරැ තෙලේ බැදගත් මස් ටික එක්කර ගන්න. දැන් මෙයට තක්කාලි සෝස් ටිකක් එක්කර ගන්න. හොදින් මිශ්‍ර කරගන්න. මෙයට වතුර වීදුරැ 1/4ක් එක් කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. අඩු ගින්දරේ. දැන් මෙයට සීනි තේ හැදි 1ක් දමා ගෙන් ගම්මිරිස් කුඩු, පුණු කුඩ් ටිකක් එක් කර ගන්න. දික් අතට කපා ගත් ළුණු ගස් කිහිපයක් එක් කර ගෙන හොදින් මිශ්‍ර කර ගෙන ලිපෙන් බා පිළිගන්වන්න.
No comments:
Post a Comment