Advertiesment

Wednesday, December 26, 2012

ගාලික් රයිස් Garlic Rice

ගාලික් රයිස්
අවශ්‍ය ද්‍රව්‍ය
  • බාස්මතී බත්
  • බිත්තර 1
  • ගාගත් සුදුළුණු බිත් 2, 3ක්
  • ගාගත් ඉගුරැ
  • සෝයා සෝස්
  • තෙල් හෝ මාගරින්
  • ලුණු
  • ගම්මිරිස් තුඩු
  • රතුපාට අමුමිරිස් කරල් 2, 3ක්
සාදන අන්දම
                        පළමුව පෑන් එකක් ලිප තබා එයට තෙල් ටිකක් දමා ගෙන එය රත් වූ පසු බිත්තරයක් දමා ගෙන හැන්දෙන් කෑලි කැඩෙන සේ හැදි ගාන්න. පසුව එයට ගාගත් සුදුළුණු, ඉගුරැ දමා ගෙන හොදින් මිශ්‍ර කරන්න. පසුව එයට රතුපාට මිරිස් කරල් කුඩා කෑලි කපා ගෙන දමා ගෙන හොදින් මිශ්‍ර කරන්න. පසුව එයට බත් එකතු කරන්න. සෝයා සෝස් ටිකක් ද එක් කරන්න. පසුව අවසා‍නයේ ලුණු, ගම්මිරිස් කුඩු මිශ්‍ර කර ගෙන ලිපෙන් බා ගන්න. කොත්තමල්ලි කොළ ටිකක් කෑලි කපා ගෙන උඩින් දමා ගන්න.

No comments:

Post a Comment