Advertiesment

Sunday, December 16, 2012

ඩේට්ස් ඇන්ඩ් නට් බාර් Dates and Nut Bar

ඩේට්ස් ඇන්ඩ් නට් බාර්

අවශ්‍ය ද්‍රව්‍ය
  • සීනි 200
  • පිටි 250
  • බිත්තර 4
  • බේකින් පවුඩර් තේ හැදි 1/4
  • බටර් 100
  • වැනිලා තේ හැදි 1

සාදන අන්දම
                  බට්රවලට සීනි එක්කර හොදින් ගසා ගන්න. ඉන්පසු බිත්තර එකින් එක එකතු කරමින් හොදින් ගසන්න. මෙයට වැනිලා එකතු කරන්න. පිටිවලට බේකින් පවුඩර් එකතු කර තුන්වරක් හලා ගන්න. සාදාගත් බටර් හා සීන් මිශ්‍රණයට පිටි ටික බැගින් එකතු කරමින් කේක් මිශ්‍රණය සාදන ආකාරයට සෙමෙන් මිශ්‍ර කරන්න. දැන් බටර් තවරාගත් තැටියක් ගෙන සාදාගත් මිශ්‍රණයෙන් භාගයක් කැටියට දමන්න. එු මත පිරවුම දමා පිරවුමට උඩින් ඉතිරි පිටි මිශ්‍රණය දමන්න. දැන් මේ තැටිය 180 ට රත් කර ගත් උදුනක විනාඩි 20ක් පමණ බේක් කරගන්න.
පිරවුම සදහා රට ඉදි හා කඡු එකතු කර ගනිමින් කුඩා කැබලි වලට කපා ගත් මිශ්‍රණයක් සාදා ගන්න.

1 comment:

  1. machan dinuja chitika wedak ne bn okkoma higannu puluwan taram us click ganin

    ReplyDelete