Advertiesment

Monday, December 31, 2012

චිකන් මැන්චූරියන් Chicken Manturian

චිකන් මැන්චූරියන්
  
අවශ්‍ය ද්‍රව්‍ය
  • කටු ඉවත් කර ගත් කුකුල් මස්
  • සුදු ළුණු මේස හැදි 1
  • ඉගුරැ මේස හැදි 1
  • සැල්දිරි
  • බී ළුණු මේස හැදි 2
  • අමු මිරිස්
  • ලුනු
  • කෝන්පිටි
  • චිලි පේස්ට් මේස හැදි 1
  • ඔයෙස්ටා සෝස් තේ හැදි 1
  • තක්කාලි සෝස් මේස හැදි 2
  • අඡිනමොටෝ

සාදන අන්දම
                 කුඩාවට කපා ගත් කුකුල් මස් වලට ලුනු ස්වල්පයක්, අඡිනමොටෝ ස්වල්පයක් හා කෝන්පිටි එක් කර හොදින් සීසන් කර ගන්න. දැන් ගැඹුරැ තෙලේ රන්වන් පාට වනතුරැ බැද ගන්න. පසුව මස් ටික ලිපෙන් බාන්න. දැන් වෙන පෑන් එකක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එක් කර රත් වූ පසු එයට චොප් කර ගත් සුදුළුණු, බී ළුණු, ඉගුරැ, අමු මිරිස්, සැල්දිරි එක් කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. දැන් මෙයට තක්කාලි සෝස්, චිලි පේස්ට්, එක් කර ගන්න. ඔයෙස්ටර් සෝස්  එක් කර ගන්න. දැන් කලින් බැද ගත් චිකන් ටික එකතු කර ගන්න. ලුණු රස පදමට එක් කර ගන්න. අඡිනටමාටෝ එක් කර ගන්න.  දැන් අවසානයේ සිහින්ව කපා ගත් ළුණු කොළ එක් කර ගන්න. පසුව ලිපෙන් බා පිළිගන්වන්න.     

No comments:

Post a Comment