Advertiesment

Sunday, July 29, 2012

පැස්ටා කාබොනාරා Pasta Carbonara


පැස්ටා කාබොනාරා

අවශ්‍ය ද්‍රව්‍ය
  • පැස්ටා 250
  • බේකන් 280
  • ෆ්‍රේෂ් ක්‍රීම් 150
  • බිත්තර 1
  • බිත්තර කහ මද 1
  • ෆාමසාන් චීස් 60
  • බටර් 50
  • බට්න් මෂ්රෑම් 6
  • සුදුළුණු බික් 3
  • බීළුණු ගෙඩි 1
  • බෙල් පෙපර් පාට දෙකකින් 2
  • ලුණු ස්වල්පයක්
  • ගම්මිරිස් ස්වල්පයක්

සාදන අන්දම
            පැස්ටා එක සාමාන්‍ය ගානට තම්බා ගන්න. බිත්තර 1 හා බිත්තර කහමද 1ක් ගෙන හොදින් මිශ්‍ර කර ගෙන එයට චීස් ටිකත් දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. එය පසෙකින් තබා ගන්න.  
            දැන් භාඡනයක් ලිප තබා එයට බටර් දමා ගෙන එය දිය වූ පසු කුඩාවට චොප් කර ගත් බේකන් දමා ගෙන සාමාන්‍ය ගානට බැද ගන්න. පසුව එයට සුදුළුණු, බී ළුණු දමා ගෙන හොදින් මිශ්‍ර කර ගෙන බැද ගන්න. පසුව එයට බෙල් පෙපර්, බට්න් මෂ්රෑම් දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. පසුව එයට ෆ්‍රේෂ් ක්‍රීම් දමා ගෙන හොදින් මීශ්‍ර කර ගෙන ලුණු, ගම්මිරිස් රස පදමට දමා ගෙන කලවම් කර ගන්න. පසුව එයට සාදා ගත් බිත්තර මිශ්‍රණය දමා ගෙන හොදින් කලවම් කර ගන්න. ඉන්පසු ලිපෙන් බා ගෙන පිළිගන්වන්න.


හනී මස්ටඩ් චිකන් Honey Mustard Chicken


හනී මස්ටඩ් චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය
  • මී පැණි කෝප්ප ½
  • අබ ක්‍රීම් 60g
  • එළවලු තෙල් මේස හැදි 2
  • දෙහි යුෂ මේස හැදි 2
  • සුදු ළුණු බික් 3
  • පාස්ලි මේස හැදි 2
  • චිකන් ඩ්‍රම්ස්ටික් 10
  • ලුණු ස්වල්පයක්
  • ගම්මිරිස් ස්වල්පයක්

සාදන අන්දම
            පළමුව මෙහි ද්‍රව්‍ය සියල්ල හොදින් මිශ්‍ර කොට ගන්නග ඉන්පසු චිකන් ඩ්‍රම්ස්ටික් වල හොදින් තවරා ගන්න. ඉන්පසු ශීතකරණයක පැය කිහිපයක් තබා ගන්න. ඉන්පසු ඉවතට ගෙන එය අවනයක 180 co ක උෂ්ණත්වයක විනාඩි 15ක් පමණ තබා ගෙන, පසුව ග්‍රිල් කරගන්න. ග්‍රිල් කරන විට එය වේලෙන්නට නොදී හොදින් ඉතුරැ වී තිබෙන තැවරැමෙන් ගා ගන්න.

ගුලාබි ඡාමුන් Gulab Jamun

ගුලිබ් ඡාමුන්

අවශ්‍ය ද්‍රව්‍ය
  • කිරි පිටි කෝප්ප 1
  • පිටි කෝප්ප 1/4
  • බැදීමට තෙල්
  • බේකින් සෝඩා ටිකක්
  • සැෆෘන් ටිකක්
  • කුඩු කර ගත් එනසාල් තේ හැදි 1/4
  • සීනි කෝප්ප 1 1/4
  • කිරි කෝප්ප 1/4 (සෙමි ස්කිම්ඩ් කිරි)
  • ගී හෝ බටර් කෝප්ප 1/4 (ලුණු රහිත බටර් භාවිතා කරන්න)

සාදන අන්දම
   පළමුව සීනි සිරප් එක සාදා ගෙන එයට සෆ්රෝන් හා එනසාල් කුඩු එකතු කර මිශ්‍ර කර පසෙකින් තබා ගන්න.
දැන් ගුලාබ් ඡාමුන් සාදා ගනිමු
පළමුව කිරි පිටි වලට පිටි, ගී හෝ බටර් හා බේකින් සෝඩා එකතු කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. පසුව කිරි යන්තම් රස්නේ කර එයින් ටික ටික දමමින් ඩෝ එක සාදා ගන්න. පසුව මෙය ආවරණය කර විනාඩි 10ක් පසෙකින් තබා ගන්න. නැවතත් ගෙන හොදින් අත් ගසන්න. ඩෝ එක වියළි වගේ එනවානම් තවත් කිරි එකතු කරමින් මෘදු හා පහසුවෙන් නැමෙන සුලු තත්ත්වයට එනතුරැ සාදා ගන්න.
       පසුව අල්ලේ ගී හෝ බටර් සුවල්පයක් ගා ගෙන කුඩා බෝල ආකාරයට සාදා ගන්න. මෙම බෝල බැදීමේදී විශාල වේ. පසුව එකවර ගලාබ් ඡාමුන් බෝල 8 - 10ත් අත‍රේ දමමින් රන්වන් පාට වනතුරැ බැද ගන්න. ලිපේ ගින්දර අඩු කර බැද ගැනීමට අවශ්‍ය වේ. එවිට බැදීමේදී විනාඩි 5 -6ක් පමණ ගත වේ. එවිටයි හොදට තැම්බෙන්නේ.
                 පසුව මෙම ගුලාබ් ඡාමුන් ටික බැදුණු පසු විනාඩි 10ක් පමණ නිවෙන්නට හරින්න. ඉන්පසුව මේවා සීනි සිරප් එකේ දමා පැය 1/2ක් පමණ තබන්නත හොදට සිරප් ගුලාබ් ඡාමුන් වලට උරා ගන්නකම්.

                 
                

Saturday, July 28, 2012

මිශ්‍ර පලතුරැ බීම Fruit Cocktail


මිශ්‍ර පලතුරැ බීම

අවශ්‍ය ද්‍රව්‍ය
  • ඉදුණු අන්නාසි ගෙඩි 1
  • දොඩම් ගෙඩි 2
  • පැෂන් පෘට් ගෙඩි 6ක් හෝ යුෂ පයින්ට් ¼
  • ලෙමන් ගෙඩි 2
  • දෙහි ගෙඩි 4
  • ඔරේන්ඡ් ක්‍රෂ් බෝතල් 1
  • තැඹිලි ගෙඩි 2
  • නාරං තේ හැදි 1
  • සීනි රාත්තල් 1
  • ලුණු ස්වල්පයක්
  • අයිස් කැට

සාදන අන්දම
            අන්නාසි කුඩා කොටු වලට කපා ගන්න. අන්නාසි කෝප්පයක් පමණ පසෙකින් තබා ඉතිරි අන්නාසි වලට වතුර දමා යුෂ මිරිකා ගන්න. දොඩම් මිරිකා යුෂ ගන්න. පැෂන් පෘට් ද වතුර යන්තමින් දමා මිරිකා ගන්න. ලෙමන් මිරිකා ගන්න. දෙහිද යුෂ ගන්න. මේ හැම පලතුරක්ම මිරිකා ගැනීමට වතුර අඩුවෙන් භාවිතා කරන්න.
            ලොකු බෝල් එකකට මිරිකාගත් දොඩම්, දෙහි, නාරං, පැෂන් පෘට් පෙරා ගන්න. ඔරේන්ඡ් ක්‍රෂ් බෝතලයද එයට දමන්න. තැඹිලි හා සීනි එකතු කර ගෙන හොඳින් දිය කර ගන්න. ලුණු ද දමන්න. වීදුරැ වලට බීම දමා ඉතිරි කර ගත් අන්නාසි ස්වල්පය බැගින් හා අයිස් කැට 2 බැගින් දමා ාදහි පොත්තක් ගසා  සරසා ගන්න.

මිශ්‍ර පලතුරැ බීම Fruit Cocktail


මිශු පලතුරැ බීම

අවශ්‍ය ද්‍රව්‍ය
  • ඉදුණු අන්නාසි ගෙඩි 1
  • දොඩම් ගෙඩි 2
  • පැෂන් පෘට් ගෙඩි 6ක් හෝ යුෂ පයින්ට් ¼
  • ලෙමන් ගෙඩි 2
  • දෙහි ගෙඩි 4
  • ඔරේන්ඡ් ක්‍රෂ් බෝතල් 1
  • තැඹිලි ගෙඩි 2
  • නාරං තේ හැදි 1
  • සීනි රාත්තල් 1
  • ලුණු ස්වල්පයක්
  • අයිස් කැට

සාදන අන්දම
            අන්නාසි කුඩා කොටු වලට කපා ගන්න. අන්නාසි කෝප්පයක් පමණ පසෙකින් තබා ඉතිරි අන්නාසි වලට වතුර දමා යුෂ මිරිකා ගන්න. දොඩම් මිරිකා යුෂ ගන්න. පැෂන් පෘට් ද වතුර යන්තමින් දමා මිරිකා ගන්න. ලෙමන් මිරිකා ගන්න. දෙහිද යුෂ ගන්න. මේ හැම පලතුරක්ම මිරිකා ගැනීමට වතුර අඩුවෙන් භාවිතා කරන්න.
            ලොකු බෝල් එකකට මිරිකාගත් දොඩම්, දෙහි, නාරං, පැෂන් පෘට් පෙරා ගන්න. ඔරේන්ඡ් ක්‍රෂ් බෝතලයද එයට දමන්න. තැඹිලි හා සීනි එකතු කර ගෙන හොඳින් දිය කර ගන්න. ලුණු ද දමන්න. වීදුරැ වලට බීම දමා ඉතිරි කර ගත් අන්නාසි ස්වල්පය බැගින් හා අයිස් කැට 2 බැගින් දමා ාදහි පොත්තක් ගසා  සරසා ගන්න.

පෘට් කොක්ටේල් Fruit Cocktail


පෘට් කොක්ටේල්

අවශ්‍ය ද්‍රව්‍ය
  • පැණි දොඩම් 4
  • දෙහි ගෙඩි 3
  • පැෂන් පෘට් බෝතල් ½
  • ඔරේන්ඡ් බාර්ලි බෝතල් 2
  • සිදරන් ගෙඩි ½
  • සීනි 300g – 400g ත් අතර
  • රෝස වතුර තේ හැදි 1
  • ලුණු තේ හැදි 1

සාදන අන්දම
            සියලුම පලතුරැ වල යුෂ මිරිකා ගන්න. වතුර වීදුරැ 12ක් යුෂ සමඟ කලවම් කර ගන්න. ඔරේන්ඡ් බාර්ලි ද මිශ්‍ර කර ගෙන සීනි, රෝස වතුර හා ලුණු දමා පෙරා ගන්න. මෙම මිශ්‍රණය කොක්ටේල් වීදුරැවලට දමා කුඩාවට කපන ලද අන්නාසි දමා සරසා ගන්න.

පැණි කොමඩු බීමක් Water Melon drink


පැණි කොමඩු බීමක්

අවශ්‍ය ද්‍රව්‍ය
  • කොමඩු ගෙඩි 1
  • ගස් ලබු ගෙඩි ½
  • සීනි අවශ්‍ය තරමට
  • දෙහි යුෂ  තේ හැදි 2
  • අයිස් වතුර
  • ලුණු ටිකක්

සාදන අන්දම
            කොමඩු ඇට ඉවත් කර ‍ගෙන මදය සූරා ගන්න. ගස්ලබු ද ඇට ඉවත් කර හැන්දකින් සූරා ගන්න. මේ දෙකම එකට බ්ලෙන්ඩරයක දමා මිශ්‍ර කරන්න. වතුර, සීනි, ලුණු හා දෙහි ද එකතු කර ගෙන වීදුරැ වලට දමා ගන්න.