Advertiesment

Monday, October 13, 2014

මස්කට් Muskett

                                                           මස්කට්

අවශ්‍ය ද්‍රව්‍ය
  • පාන්පිටි කෝප්ප 1
  • වතුර කෝප්ප 1 3/4
  • සීනි කෝප්ප 2
  • කිරි කෝප්ප 2
  • එළගිතෙල් කෝප්ප 1 1/4
  • වියළි පලතුරැ මේසහැදි 2
  • කඡු මේසහැදි 2
  • ආමන්ඩ් මේසහැදි 2
  • කැමති පාටක වර්ණක 
  • රෝස රසකාරකය තේහැදි 1/2
සාදන අන්දම
  පාන්පිටි, එළගිතෙල් මේසහැදි 2ක්, වතුර කෝප්පයක් දමා හොදින් අනා පැය 8ක් පමණ වසා තබන්න. ඉන්පසු වෙනත් භාඡනයක් ගෙන එයට සීනි හා වතුර කෝප්ප 3/4ක දමා උකුවට සීනි සිරප් එක සාදාගන්න. එය පදමට සකසාගත් පසු පැය 8ක් හොදින් පදම් වූ පිටි මිශ්‍රණය එයට එක්කර හොදින් මිශ්‍රකරන්න. එසේම එයට කිරි හා එළගිතෙල් ද එක්කරන්න. එයට වර්ණක, කඡු, වියළි පලතුරැ, එසන්ස් මිශ්‍ර කර ඝනකම් වේගෙන එනවිට නැවත එළගිතෙල් එක්කර තැටියකට දමා කැබලිවලට කපා ගන්න. 

No comments:

Post a Comment