Advertiesment

Thursday, October 16, 2014

ෆිෂ් මසාලා Fish Masala

                                                    ෆිෂ් මසාලා

අවශ්‍ය  ද්‍රව්‍ය
  • තෝරමාළු 250
  • ලූනු 75
  • තක්කාලි 70
  • අමුමිරිස් 10
  • ඉගුරැ (තලාගත්) තේ හැදි 1 1/2
  • සදුළුනු (තලාගත්) තේ හැදි 1 1/2
  • සූදුරැ 5
  • මහදුරැ 5
  • උළුහාල් 5
  • මිරිස්කුඩු 5
  • සියඹලා 5
  • ලුණු 5
  • එළවළු තෙල් ස්වල්පයක් 
  • කොත්තමල්ලි කොළ තේ හැදි 5
  • කහකුඩු 5
  • රම්පේ කොළ 1
  • තුනපහ 5
සාදන අන්දම
   ප්‍රථමයෙන් කැබලි කපාගත් තෝරමාළු සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසු එයට ගම්මිරිස්, ලුණු, සියඹලා, මිඑිස්කුඩු, කහකුඩු, තුනපහ කුඩු දමා අතගා පසෙකින් තබාගන්න. ඉන්පසු භාඡනයක් ළිප තබා සූදුරැ, මහදුරැ, අබ එකතු කරවිනාඩි 4ක් 5ක් කබලේ බැදගන්න. ඉන්පසු එයට එළවළු තෙල් ස්වල්පයක් එකතු කරන්න. තෙල් රත්වූ පසු ඉගුරැ, සුදුළුනු, ළුනු එකතු කරන්න. ඊට විනාඩි 5කට පසුව කොටු කපන ලද තක්කාලි, රම්පේ, කරපිංචා එකතු කර තෙම්පරාදු කරගන්න. ඉන්පසු කහකුඩු, මිරිස්කුඩු, එකතුකර පොල්කිරි හෝ කල්කිරි කෝප්ප කාලක් එකතු කරන්න. ඉන්පසු එම මිශ්‍රණයට කලින් ලුණු, ඇඹුල් අතගා සකසාගත් මාළු කැබලි එකතු කරන්න. ඉන්පසු විනාඩි 8ක් 10ක් ළිප තබා කොත්තමල්ලි කොළද එකතුකර ළිපෙන් බාගන්න.

No comments:

Post a Comment