Advertiesment

Wednesday, October 15, 2014

ඉස්සන් සමග කඡු Prawns with Cashew Nuts

                                                      ඉස්සන් සමග කඡු
අවශ්‍ය ද්‍රව්‍ය
  • සුද්දකරගත් ඉස්සන් 100g
  • තම්බාගත් කඡු 50 g
  • ලොකු ළුනු ගෙඩි 1
  • සුදුළුනු බික් 4ක් හෝ 5ක්
  • තක්කාලි ගෙඩි 1
  • මිරිස්කුඩු තේ හැදි 2
  • තුනපහකුඩු තේ හැදි 2
  • කහ ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1
  • කුරැදුපොතු කැබැල්ලක්
  • අඹරාගත් අබ තේ හැදි 2
  • අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/2
  • වතුර අවශ්‍ය පමණ
  • ලුණු කුඩු අවශ්‍ය පමණ
  • තෙල් මේස හැදි 2
  • රම්පේ 
  • කරපිංචා
  • සේර කැබැල්ලක්
  • දෙකට පලා ගත් අමුමිරිස් කරල් 3-4ක්
සාදන අන්දම
   ප්‍රථමයෙන් ලූනු, සුදුලූනු, තක්කාලි චොප් කරන්න. ඉන්පසු භාඡනයක් ළිප තබා තෙල් ස්වල්පයක් එක්කරන්න. තෙල් රත්වූ පසු ලූනු, සුදුලූනු, රම්පේ, කරපිංචා, කරැදුපොතු එකතු කරන්න. එකී ද්‍රව්‍ය රන්වන් පැහැ වූ පසු මිරිස්කුඩු, කහකුඩු, තුනපහකුඩු, ගම්මිරිස්කුඩු එකතු කර විනාඩි 2ක් මදගින්නේ පිසගන්න. ඉන්පසු එයට ඉස්සෝ එකතු කරන්න. ඉන්පසු අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරන්න. ඉස්සෝ මිශ්‍රණය හොදින් ඉදුණු පසු කඡු එකතු එකතුකර විනාඩි 2ක් හෝ 3ක් ඉදෙන්න හරින්න. ඉන්පසු අවශ්‍ය නම් පොල්කිරි කෝප්ප 1/2ක් පමණ එකතු කරන්න. ඉන්පසු අඹරාගත් අබ තේහැදි 2ක් හා අමුමිරිස්, තක්කාලි එකතුකර ැවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා ළිපෙන් බාගන්න.

No comments:

Post a Comment