Advertiesment

Thursday, October 16, 2014

තන්දූරි ෆිෂ් Thandooree Fish

                                                     තන්දූරි ෆිෂ්

අවශ්‍ය ද්‍රව්‍ය
  • තෝරමාළු 500
  • මීකිරි 150
  • අඹරාගත් ඉගුරැ තේ හැදි 1 1/2
  • අඹරාගත් සුදුළුනු තේ හැදි 1 1/2
  • මිරිස්කුඩු තේ හැදි 1 1/2
  • ගරම්මසාලා තේ හැදි 1
  • දෙහි යුෂ තේ හැදි 1 1/2
  • එළවලු තෙල් තේ හැදි 3
  • ලුණු රස අනූව
සාදන අන්දම
   ප්‍රථමයෙන් මාළුවල හම, කටු, ඉවත්කර කැමැති හැඩයට කපාගන්න. ඉන්පසු එම කැබලි සෝදා පිරිසිදු කර වතුර බේරෙන්නට පසෙකින් තබන්න. 
  ඉන්පසු වෙනත් භාඡනයක් ගෙන මීකිරි, ඉගුරැ, සුදුළුනු, මිරිස්කුඩු, ගරම්මසාලා ඉහා රස ්නූව ලුණු එකතු කර සාන්ද්‍රණයක් සාදාගන්න. ඉන්පසු මාළු කැබලිවලට හොදින් වතුර බේරැණු පසු සාදාගත් සාන්ද්‍රණය ඒ මතට වත් කරන්න. මාළු කැබලි වැසීයනසේ වත් කළ පසු පැය බාගයක් පමණ ශීතකරණයේ තබන්න. 
  පසුව තැටියකට තෙල් ටිකක් අතගා ඒ මත මාළු මිශ්‍රණය අතුරා පෝරණුවක හෝ ග්‍රිල් එකක තබා පිසගන්න.

No comments:

Post a Comment