Advertiesment

Wednesday, October 15, 2014

ස්පෙෂල් මික්ස් මීට් චයිනිස් Special Mix Meat Chinese

                                            ස්පෙෂල් මික්ස් මීට් චයිනිස්
අවශ්‍ය ද්‍රව්‍ය
  • තම්බා ගත් නූඩ්ල්ස් 100g
  • කොටු කපා ගත් ඉස්සන් 10g
  • කොටු කපා ගත් කුකුළු මස් 10g
  • කොටු කපා ගත් ගෝවා 10g
  • කොටු කපා ගත් නිවිති 10g
  • කැමති ආකාරයකට කපා ගත් යංකෝන් 2ක්
  • යංකෝන් කරල් 2ක්
  • කපාගත් ඩ්‍රැගන් ෆෘට් 30g
  • කපාගත් කැරට් 20g
  • කපාගත් ගර්කින් 10g
  • මෂ්රෑම් දිගට ඉරාගත් 10g
  • බ්ලැක් බීන් සෝස් තේ හැදි 2-3ක්
  • ඔයිස්ටර් සෝස් තේ හැදි 2
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1
  • ලූනු කොළ 20
  • බිත්තර 1
  • සෝයා සෝස් තේ හැදි 1
  • එළවලු තෙල් 50ml
  • වතුර 100ml
  • ලුණු රස පදමට
සාදන අන්දම 
 ප්‍රථමයෙන් භාඡනයක් ගෙන සාමාන්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරන්න. ඉන්පසු කපාගත් ඉස්සන් හා කුකුළු මස් පදම් කර හොදින් බැදගන්න. ඉන්පසු තව භාඡනයක් ළිප මත තබා එයට වතුර දමන්න. පසුව එය රත්වූ පසු කපා ගත් ගෝවා, කැරට්, නිවිති, යංකෝන්, බට්න් මෂ්රෑම්, ගර්කින් හා මෂ්රෑම් එක්කර මද වේලාවක් තම්බා එය හොදින් වතුර පෙරා ගන්න. ඉන්පසු වෙනත් භාඡනයක් ළිප මත තබා එයට තෙල් ස්වල්පයක් දමා එය රත් වූ පසු බිත්තරය එකතු කරන්න. ඉන්පසු එයට තම්බා ගත් නූඩ්ල්ස් ටික එකතු කර හොදින් ෆ්‍රයි කරන්න. ඉන්පසු එයට බ්ලැක් බීන් සෝස්,ඔයිස්ටර් සෝස් හා ගම්මිරිස් කුඩු එකතු කර හොදින් කලවම් කරන්න. පසුව සෝයා සෝස් දමා ටික වේලාවක් පිස ගන්න. ඉන්පසු බැදගත් ඉස්සන් හා දැල්ලන් එකතු කර කලවම් කර රස පදමට ලුණු යොදන්න. ඉන්පසු එයට ලූනු කොළ දමා හොදින් කලවම් කර අමුත්තන්ට පිළිගන්වන්න.

No comments:

Post a Comment