Advertiesment

Thursday, October 16, 2014

ගෝල්ඩන් ෆ්‍රයිඩ් සිය(ර්) Golden Fried Seer

                                                    ගෝල්ඩන් ෆ්‍රයිඩ් සිය(ර්)

අවශ්‍ය ද්‍රව්‍ය
  • තෝරමාළු පෙති 1ක්
  • දෙහි යුෂ ස්වල්පයක්
  • පාන්පිටි 50g
  • වතුර කෝප්ප 1/2
  • රස අනූව ලුණු හා ගම්මිරිස් 
  • පාන්කුඩු
  • බැදගැනීමට අවශ්‍ය තෙල්
  • බිත්තර 1
සාදන අන්දම
   කපාගත් තෝරමාළු හොින් සෝදා ගන්න. ඉන්පසුව දෙහියුෂ, ලුණු, ගම්මිරිස් එයට එකතු කරන්න. පසුව තවත් භාඡනයක් ගෙන එයට පාන්පිටි, වතුර, බිත්තර දමා බැටරයක් සාදාගන්න. ඉන්පසුව සීසන් කරගත් මාළු පෙත්ත බැටරයේ ගිල්වා පාන්කුඩු දවටා ගන්න. ඉන්පසු එය ගැඹුරැ තෙලේ බැද ගන්න. 

කොස්ලෝ සදහා අවශ්‍ය ද්‍රව්‍ය
  • කරට් (හීනියට කපාගන්න) 10g
  • ගෝවා (හීනියට කපාගන්න)10g
  • බී ලූනු (හීනියට කපාගන්න) තේ හැදි 1/2
  • මයෝනයිස් තේ හැදි 2ක් හෝ 3ක්
  • රස පදමට ලුණු ගම්මිරිස්
  • අලපෙති 20g
සාදන අන්දම
   ප්‍රථමයෙන් භාඡනයක් ගෙන එයට කැරට්, ගෝවා, ලූනු, මයෝනයිස් දමා හොදින් කලවම් කරන්න. එසේ කිරීමෙන් අනතුරැව අලපෙති ටික රන්වන් පැහැ වනතෙක් බැදගන්න. 
  අවසානයේ බැදගත් මාළුපෙත්ත, සැලඩ්එක, අලපෙති අලංකාරව පිගානේ අතුරා පිළිගන්වන්න.

No comments:

Post a Comment