Advertiesment

Thursday, October 16, 2014

ෆිෂ් සැලඩ් Fish Salad

                                                 ෆිෂ් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය
  • සුදු පැහැති මාළු 200g ක් හෝ 300g ක්
  • හොදින් තම්බා ගත් බිත්තර 2
  • සලාද කොළ 2ක් හෝ 3ක්
  • පාස්ලි ටිකක්
  • පිපිඤ්ඤා 100gක් හෝ 150gක්
සාදන අන්දම
    මාළුවල හම, කටු ඉවත් කර කුඩා කැබලි වලට කපා තම්බා ගන්න. ඉන්පසු සලාද කොළ, පිපිඤ්ඤා ද අගල් භාගයක ප්‍රමාණයට කොටු කපාගන්න. ඉන්පසු බිත්තර දෙකද අගල් 1/2ක ප්‍රමාණයට කොටු කපාගන්න. ඉන්පසු පාස්ලි ටික හීනියට ලියාගන්න.
      දැන් සැලඩ් එක සාදමු.

අවශ්‍ය ද්‍රව්‍ය
  • සැලඩ් ඔයිල් මේස හැදි 1
  • විනාකිරි මේස හැදි 3
  • අබ ක්‍රීම් තේ හැදි 1
  • ලුණු කුඩු 
  • ගම්මිරිස් කුඩු
සාදන අන්දම
    දීසියක් ගෙන එයට අබක්‍රීම් හා සැලඩ් ඔයිල් එකතු කර හොදින් කලවම් කරන්න. ඉන්පසු ව්නාකිරි, සීනි, ලුණු, ගම්මිරිස් එකතු කර සෝස් එක සාදා ගන්න.

සලාදය සාදා ගැනීම
   ප්‍රථමයෙන් සලාද කොළ යටට අතුරන්න. ඒ මතට බිත්තර, පිපිඤ්ඤා, පාස්ලි එකතු කර කලවම් කරන්න. අවසානයේ කලින් සකසා ගත් සෝස් මිශ්‍රණය ඒ මතට ඉසින්න.

No comments:

Post a Comment