යෝගට් ඇපල් මිශ්‍ර මෆින්
අවශ්‍ය ද්‍රව්‍ය
- යෝගට් එකක්
- ඇපල් 350g
- බටර් 125 g
- සීනි 100g
- බිත්තර 3
- කිරි 50ml
- පිටි 200g
- බේකින් පව්ඩර් 15g
- ලුණු ස්වල්පයක
ඇපල් හොදින් පොතුහැර පුංචි කැබලි වලට කපා ගන්න.
බේකින් පව්ඩර් දමා පිටි හොදින් හලා ගන්න. බටර්, සීනි, බිත්තර මේ සියල්ල හොදින් බීට් කරන්න. මෙය විනාඩි 8 ත් 10 ත් අතර බීට් උනහම ඇති. එයාට යෝගට් එක එකතු කරන්න. මෙයට කිරිද එකතු කර හලාගත් පිටි හා බේකින් පව්ඩර් එකතු කරගන්න. දැන් එයට ලුණු ස්වල්පයක් එකතු ක ඇපල් එකතු කරන්න. දැන් මෙය හොදින් මිශ්‍ර කරගන්න.සකසා ගත් මෆින් ට්‍රේ එකකට පිරෙන්න ටිකක් අඩුවට දමා එයා අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 20/25 අතර පුච්චා ගන්න.දැන් මෙය කෑමට සූදානම්.
No comments:
Post a Comment