Advertiesment

Wednesday, May 12, 2021

දර ලිපේ කිබුලා බනිස්

       දර ලිපේ කිබුලා බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි 300g 
  • ලුණු තේ හැදි 1/2
  • යීස්ට් මේස හැදි 1
  • මද රස්නේ වතුර කෝප්ප 1/2
  • සීනි  තේ හැදි 1 1/2
  • සීනි සිරප් එකට සීනි මේස හැදි 2
  • වතුර කෝප්ප 1/2
සාදන ආකාරය

වතුර කෝප්ප 1/2 ට යීස්ට්ද,සීනි මා කලවම් කර විනාඩි 10 ක්‌ පසෙකින් තබන්න.

දැන් පිටි වලට එයා දමා ලුණු, බටර් දමා මිශ්‍ර කරගෙන. හොදින් කලවම් කරන්න.

වතුර මේස  හැදි 4 ක්‌ බැගින් දමමින් හොදින් විනාඩි 10 ක්‌ පමණ  අනා  ගන්න.

දැන් මෙය බජනයකට දමා පොල්තෙල් ටිකක් ගා ඩබල් සයිස් එනතුරු පසෙකින් පිපෙන තුරු තබන්න.

දැන් සීනි සිරප් එකක් හදමු.

වතුර කෝප්ප 1/2 ට සීනි මේස හැදි 2 ක්‌ දමා උණු කරන්න. ඇලෙන ගතිය එනවිට ලිප නිවා වෙනත්  බාජනයකට සීනි සිරප් එක දමා නිවෙන්න තබන්න.

දැන් සාදා ගත් මිශ්‍රණය ගෙන කුඩා කැබලි වලට කඩා ගෙන මැදින් මහතට සිටින සේ දෙපැත්තට රෝල්ල් කරන්න. දැන් හරි මැදින් කපා  දෙකට වෙන් කරන්න.

එය ත්‍රිකෝණයක් ආකාරයට තුනී කරගෙන පලල වැඩි පැත්තෙන් රෝල් කරගෙන  පළල අඩු පැත්ත  උඩට සිටින  සේ රෝල් කරගෙන කිබුලා බනිස් සාදා ගන්න.

ඉන්පසු සීනි  සිරප් ඒ මත  ගා ගෙන සීනි තවරා ගන්න. තැටිය මතට තෙල් ගා  ගෙන කිබුලා බනිස් අතුරා  ගන්න.

දැන් ලිප සාදමු.

ඇලුමිනියම් බාජනයක් ගෙන එයට වැලි බාගයක් දමා ගෙන යකඩ දරනුවක් ඒ මත  තබා ගෙන බාජනයේ පියන වසා ගින්දර දමන්න.

දැන් බනිස් තැටිය ගෙන දරනුව උඩින් තබා උඩින් යකඩ පියනක්  තබා ඒ මතට  ගිනි අගුරු දමා ගෙන විනාඩි 20 ක්‌ පුළුස්සා ගන්න.


No comments:

Post a Comment