Advertiesment

Monday, May 10, 2021

පොල් කේක් coconut cake

       පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොල් ගෙඩි 1හමාරක ගා ගත් පොල්
  • පැණි බෝතල් 1/2
  • ලොකු බිත්තර 4
  • කපාගත් කජු මද 50g
  • කපා ගත් රට ඉදි 50 g
  • පිටි 200 g
  • සීනි 100g
  • බේකින් පව්ඩර් තේ හැදි 2
  • බේකින් සෝඩා තේ හැදි 1
  • එනසාල්  හා කරාබුනැටි  කුඩු කරගෙන ස්වල්පයක්
  • ලුණු ටිකක්
සාදන ක්‍රමය

  සීනි වලට සුවද  කුඩු හා ලුණු එකතු කර පොල් දමා සාමාන්‍ය  පැණි පොල් සාදා ගන්න.එයට  වලට  බාගෙට ටිකක්  දමා හොදින් නිවෙන්න හරින්න.

දැන් බිත්තර ටික ගෙන බීට් කර ගන්න. පිටි වලට බේකින් පව්ඩර් හා බේකින් සෝඩා දමා හලාගන්න.කපාගත කජු හා රට ඉදි මිශ්‍ර කර වෙන බාජනයකට දමා ගෙන එයට ගසා ගත්  බිත්තර පිටි මිශ්‍රණය ට ටික ටික දමමින් කලවම් කරගෙන නිවෙන්න තැබූ පැණි පොල් ටික දමා කලවම් කර ගන්න.

පසුව කලින් සකසා ගත් බේකින් ට්‍රේ එකකට දමා  සෙන්ට්‍රිග්‍රේට් අංශක 180/200 ත් අතර කලින් රත් කර ගත් උදුනක බේක් කර ගන්න.

No comments:

Post a Comment