Advertiesment

Tuesday, May 11, 2021

පොල් කිරි අලුවා coconut milk aluwa

 පොල් කිරි අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොල් කිරි 400 ml
  • සීනි  200g
  • එනසාල්  ඇට 7
  • තල ඇට ටිකක්
  • බැදගත් කජු ටිකක්
  • හාල් පිටි 350g
සාදන ක්‍රමය

හාල් පිටි හොදින් බැදගන්න. එයින් ටිකක් අයින් කර ගන්න.තල  ඇට කබලේ බැදගන්න. සීනි හා එනසාල් දමා හොදින් බ්ලෙන්ඩ් කර ගන්න.

දැන් බාජනයක් ලිපේ තියා එයට පොල් කිරි, සීනි, එනසාල් එකතු කර හොදින් හැදි ගාන්න. හොදින් රත් වී බුබුළු නගින විට හැන්දකින් මිශ්‍රණය උඩට ගෙන බලන්න. නූල් ඇදෙන පදම ඇවිත් තියේද කියලා.

දැන් තල හා කජු එකතු කර ලිප නිවා හාල් පිටි ටික ටික එකතු කර හොදින් කලවම් කරන්න. දැන් එකක් ගුලියට හැදුනු පසුව ලෑල්ලක තබා පිටි ඉස කෑලි කපා ගන්න.

No comments:

Post a Comment