Advertiesment

Monday, May 10, 2021

උදු වළලු udu walalu

        උදු වළලු

අවශ්‍ය ද්‍රව්‍ය

  • උදු පිටි 200g
  • සුදු හාල් පිටි 200 g
  • පොල් කිරි කෝප්ප 2
  • පොල් ගෙඩියක වතුර
  • ලුණු තේ හැදි 1
  • සීනි මේස හැදි 1
  • සීනි සිරප් එකට සීනි 400 g
  • දෙහි යුෂ 
සාදන ආකාරය

 පළමුව මේ සියල්ල එකට දමා මිශ්‍රණය සාදා පැය 6 ක්‌ පමණ පිපෙන්න තබන්න.

ඉන්පසු සීනි සිරප් එක සාදා ගනිමු. ඒ සදහා සීනි, වතුර, දෙහි යුෂ  දමා සිරප් එකක් සාදා ගන්න.

දැන් පැය 6 න් පසුව පයිපින් බෑග් එකෙන් රත් වූ තෙලට දමා බැදගෙන උණු උණුවෙම සීනි සිරප් එකට දමා ගන්න.

       Udu walalu

Ingredients

  • Udu flour 200g
  • White rice flour  200g
  • Coconut milk 2 cups
  • Coconut water
  • Salt 1 tea spoon
  • Sugar 1 table spoon
  • For sugar syrup sugar 400g
  • Lime
  • Water
Now you have to mix all Ingredients. And then keep aside for 6 hours.

Now make sugar syrup.mix Sugar, lime juice and water Cook for medium flame.  Keep aside for cool.

Now take flour mixture and fry it with piping bag untill golden brown.

And put it in sugar syrup.


පොල් කේක් coconut cake

       පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොල් ගෙඩි 1හමාරක ගා ගත් පොල්
  • පැණි බෝතල් 1/2
  • ලොකු බිත්තර 4
  • කපාගත් කජු මද 50g
  • කපා ගත් රට ඉදි 50 g
  • පිටි 200 g
  • සීනි 100g
  • බේකින් පව්ඩර් තේ හැදි 2
  • බේකින් සෝඩා තේ හැදි 1
  • එනසාල්  හා කරාබුනැටි  කුඩු කරගෙන ස්වල්පයක්
  • ලුණු ටිකක්
සාදන ක්‍රමය

  සීනි වලට සුවද  කුඩු හා ලුණු එකතු කර පොල් දමා සාමාන්‍ය  පැණි පොල් සාදා ගන්න.එයට  වලට  බාගෙට ටිකක්  දමා හොදින් නිවෙන්න හරින්න.

දැන් බිත්තර ටික ගෙන බීට් කර ගන්න. පිටි වලට බේකින් පව්ඩර් හා බේකින් සෝඩා දමා හලාගන්න.කපාගත කජු හා රට ඉදි මිශ්‍ර කර වෙන බාජනයකට දමා ගෙන එයට ගසා ගත්  බිත්තර පිටි මිශ්‍රණය ට ටික ටික දමමින් කලවම් කරගෙන නිවෙන්න තැබූ පැණි පොල් ටික දමා කලවම් කර ගන්න.

පසුව කලින් සකසා ගත් බේකින් ට්‍රේ එකකට දමා  සෙන්ට්‍රිග්‍රේට් අංශක 180/200 ත් අතර කලින් රත් කර ගත් උදුනක බේක් කර ගන්න.

Sunday, May 9, 2021

යෝගට් ඇපල් මිශ්‍ර මෆින්

       යෝගට් ඇපල් මිශ්‍ර මෆින්

අවශ්‍ය ද්‍රව්‍ය

  • යෝගට් එකක්
  • ඇපල් 350g
  • බටර් 125 g
  • සීනි 100g
  • බිත්තර 3
  • කිරි 50ml
  • පිටි 200g
  • බේකින් පව්ඩර් 15g
  • ලුණු ස්වල්පයක
සාදන අන්දම

ඇපල් හොදින් පොතුහැර පුංචි කැබලි වලට කපා ගන්න.

බේකින් පව්ඩර් දමා පිටි හොදින් හලා ගන්න. බටර්, සීනි, බිත්තර මේ සියල්ල හොදින් බීට් කරන්න. මෙය විනාඩි 8 ත් 10 ත් අතර බීට් උනහම ඇති. එයාට යෝගට් එක එකතු කරන්න. මෙයට කිරිද එකතු කර හලාගත් පිටි හා බේකින් පව්ඩර් එකතු කරගන්න. දැන් එයට ලුණු ස්වල්පයක් එකතු ක ඇපල් එකතු කරන්න. දැන් මෙය හොදින් මිශ්‍ර කරගන්න.සකසා ගත් මෆින් ට්‍රේ එකකට  පිරෙන්න ටිකක් අඩුවට  දමා එයා අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 20/25 අතර පුච්චා ගන්න.දැන් මෙය කෑමට සූදානම්.

පොලොස් පිට්ටු

             පොලොස් පිට්ටු

අවශ්‍ය  ද්‍රව්‍ය

  • ලපටි පොලොස් ගැට 1ක්‌
  • පොල් බෑ 1ක්‌
  • ලීක්ස් ගස් 1ක්‌
  • තක්කාලි 50 g
  • අමුමිරිස් කරල් 4ක්‌ 5ක්‌
  • කරපිංචා ඉත්තක්
  • හාල් පිටි හුන්ඩුවක්
  • ලුණු
සාදන ක්‍රමය

පළමුව පොලොස් ගැට හොදින් තම්බා ගන්න. ඉන්පසු එම පොලොස් ටික හොදින් පොඩි කර ගන්න. එයාට හාල් පිටි, ගා ගත්අ පොල්, අමු මිරිස්, ලීක්ස්,තක්කාලි එකතු කර අනාගෙන පිට්ටු ලෙස සාදා ගෙන හුමලයේ තම්බා ගන්න. 

Friday, May 7, 2021

කොස් මදුළු මුරුක්කු

             කොස් මදුළු මුරුක්කු 

 අවශ්‍ය ද්‍රව්‍ය

හොදින් පැසුණු කොස් මදුළු 25ක්‌

මිරිස් කුඩු

ලුණු කුඩු

කහ කුඩු

පොල්තෙල් බාගයක්

සාදන ක්‍රමය

කොස් මදුළු සිහින්ව ඉරාගෙන සෝදා දිය බේරෙන්නට තබන්න. දිය බේරුණු පසු කොස් මදුළු වලට කහ සහ ලුණු අතගාල මිනිත්තු 15ක්‌ පමණ තබන්න. මෙසේ සකස් කර ගත් කොස් මදුළු ගැබුරු තෙලේ බැදගෙන මිරිස් කුඩු මිශ්‍ර කරගන්න.


Thursday, December 17, 2015

කේක් පොප්ස්

                         කේක් පොප්ස් 

අවශ්‍ය ද්‍රව්‍ය
  •  කේක් කුඩු 500
  • බටර් 100
  • අයිසිං සීනි 200
  • චොකලට් පවුඩර් 50
සාදන අන්දම
       මුලින්ම කේක් කුඩු, බටර්, අයිසිං සීනි එක්කර කුඩා බෝල සාදාගන්න. පසුව චොකලට්  පවුඩර් හා අයිසිං සීනි කලවම් කර වතුර ස්වල්පයක් එක්කර හොදින් කලවම් කර ගන්න. එසේ වතුර දමා කලවම් කිරීමේදි එම භාඡනය උණු වතුර භාඡනයක බස්සවා හොදින් දිය කරන්න. අනතුරුව සාදා ගත් කේක් බෝල චොකලට් දියරයේ ගිල්වා සාදා ගන්න.

සැන්ඩ්විචස් පාන්

                             
                                         සැන්ඩ්විචස් පාන්

අවශ්‍ය ද්‍රව්‍ය
  • පෙති කැපූ පාන්
  • අවශ්‍ය පමණට මාගරින්
  • කුඩා සැමන් ටින් 1
  • බී ළුණු ගෙඩි 1
  • කැරට් ගෙඩි 1
  •  අල ගෙඩි 1
  • බිත්තර 2
  •  කිරි කෝප්ප 1
  • ගම්මිරිස් මේසහැදි 1
  •  ලුණු රස පදමට 
සාදන අන්දම
  සැමන් පොඩි කර එයට ලුණු, ගම්මිරිස් හා සෝස් එකතු කරන්න. කැරට් ග්‍රේට් කර එකතු කර ගන්න. අල තම්බා පොඩි කර එකතු කරන්න. භාඡනයක් ලිප තබා තෙල් දමා රත් කර කපාගත් ළුනු එකතු කරන්න. එය තරමක් බැදී එනවිට සැමන් මිශ්‍රණය මැදට දමා තවත් පාන් පෙත්තකින් වසන්න. 
  කිරි කෝප්පයට බිත්තර 2 දමා ලුණු, ගම්මිරිස් එකතු කරන්න. දැන් පැතලි සාස්පානක් ගෙන එයට මාගරින් දමා රත් කරන්න. කලින් සාදා ගත් පාන් පෙති කිරි බිත්තර මිශ්‍රණයේ පොගවා තාච්චියේ දමා දෙපැත්තම හරවමින් බැද ගන්න.