සැන්ඩ්විචස් පාන්
අවශ්‍ය ද්‍රව්‍ය
- පෙති කැපූ පාන්
- අවශ්‍ය පමණට මාගරින්
- කුඩා සැමන් ටින් 1
- බී ළුණු ගෙඩි 1
- කැරට් ගෙඩි 1
- අල ගෙඩි 1
- බිත්තර 2
- කිරි කෝප්ප 1
- ගම්මිරිස් මේසහැදි 1
- ලුණු රස පදමට
සාදන අන්දම
සැමන් පොඩි කර එයට ලුණු, ගම්මිරිස් හා සෝස් එකතු කරන්න. කැරට් ග්‍රේට් කර එකතු කර ගන්න. අල තම්බා පොඩි කර එකතු කරන්න. භාඡනයක් ලිප තබා තෙල් දමා රත් කර කපාගත් ළුනු එකතු කරන්න. එය තරමක් බැදී එනවිට සැමන් මිශ්‍රණය මැදට දමා තවත් පාන් පෙත්තකින් වසන්න.
කිරි කෝප්පයට බිත්තර 2 දමා ලුණු, ගම්මිරිස් එකතු කරන්න. දැන් පැතලි සාස්පානක් ගෙන එයට මාගරින් දමා රත් කරන්න. කලින් සාදා ගත් පාන් පෙති කිරි බිත්තර මිශ්‍රණයේ පොගවා තාච්චියේ දමා දෙපැත්තම හරවමින් බැද ගන්න.
මඤ්ඤොක්කා රොටී
අවශ්‍ය ද්‍රව්‍ය
- මඤ්ඤොක්කා පිටි 200g
- පාන්පිටි 100g
- රතු ලූනු ගෙඩි 6-7ක්
- අමුමිරිස් කරල් 3
- කරපිංචා
- ගා ගත් පොල් ගෙඩියක පොල්
- ලුණු ස්වල්පයක්
සාදන අන්දම
පළමුව රතුලූනු, අමුමිරිස් හා කරපිංචා ඉතා සිහින්ව ලියා ගන්න. පසුව මඤ්ඤොක්කා පිටි හා පාන්පිටි ගා ගත් පොල් හා සිහින්ව ලියාගත් රතුලූනු, අමුමිරිස්, කරපිංචා ආදියත් රස අනූව ලුණු ස්වල්පයක් සමග මිශ්‍ර කර පිටි මිශ්‍රණය කොටස් වශයෙන් ගෙන කුඩා බෝල සාදා රොටියක් ආකාරයට තුනී කරන්න. දැන් රත් වූ රොටී තැටියක දමා රොටිය හොදින් දෙපැත්ත පුළුස්සා ගන්න.
චිකන් වඩේ
අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුළුමස් 500g
- කුඩුකරගත් කොත්තමල්ලි සූදුරැ මේස හැදි 1
- බීලූනු 50g
- අමුමිරිස් 50g
- බිත්තර 1
- ආටාපිටි 50g
- කරපිංචා ස්වල්පයක්
- සීසන් පවුඩර් තේ හැදි 1/2ක් හෝ සුප්කැට 1
- බැදීමට තෙල්
සාදන අන්දම
පළමුවෙන් කුකුළුමස්වල කටු ඉවත්කු කුඩාවට කපාගන්න. ඉන්පසු සිහින්ව කපාගත් බීලූනු, අමුමිරිස්, කරපිංචා, සීසන් පවුඩර් හෝ සුප් කැට, කුඩුකරගත් කොත්තමල්ලි, සූදුරැ, ආටාපිටි, තුනපහකුඩු, බිත්තරය මේ සියල්ල එකට අනාගන්න. එසේ අනාගැනීමෙන් අනතුරැව උළුදු වඩේ එකක් ආකාරයට සාදා ගැඹුරැ තෙලේ බැද ගන්න.
තන්දූරි ෆිෂ්
අවශ්‍ය ද්‍රව්‍ය
- තෝරමාළු 500
- මීකිරි 150
- අඹරාගත් ඉගුරැ තේ හැදි 1 1/2
- අඹරාගත් සුදුළුනු තේ හැදි 1 1/2
- මිරිස්කුඩු තේ හැදි 1 1/2
- ගරම්මසාලා තේ හැදි 1
- දෙහි යුෂ තේ හැදි 1 1/2
- එළවලු තෙල් තේ හැදි 3
- ලුණු රස අනූව
සාදන අන්දම
ප්‍රථමයෙන් මාළුවල හම, කටු, ඉවත්කර කැමැති හැඩයට කපාගන්න. ඉන්පසු එම කැබලි සෝදා පිරිසිදු කර වතුර බේරෙන්නට පසෙකින් තබන්න.
ඉන්පසු වෙනත් භාඡනයක් ගෙන මීකිරි, ඉගුරැ, සුදුළුනු, මිරිස්කුඩු, ගරම්මසාලා ඉහා රස ්නූව ලුණු එකතු කර සාන්ද්‍රණයක් සාදාගන්න. ඉන්පසු මාළු කැබලිවලට හොදින් වතුර බේරැණු පසු සාදාගත් සාන්ද්‍රණය ඒ මතට වත් කරන්න. මාළු කැබලි වැසීයනසේ වත් කළ පසු පැය බාගයක් පමණ ශීතකරණයේ තබන්න.
පසුව තැටියකට තෙල් ටිකක් අතගා ඒ මත මාළු මිශ්‍රණය අතුරා පෝරණුවක හෝ ග්‍රිල් එකක තබා පිසගන්න.
ගෝල්ඩන් ෆ්‍රයිඩ් සිය(ර්)
අවශ්‍ය ද්‍රව්‍ය
- තෝරමාළු පෙති 1ක්
- දෙහි යුෂ ස්වල්පයක්
- පාන්පිටි 50g
- වතුර කෝප්ප 1/2
- රස අනූව ලුණු හා ගම්මිරිස්
- පාන්කුඩු
- බැදගැනීමට අවශ්‍ය තෙල්
- බිත්තර 1
සාදන අන්දම
කපාගත් තෝරමාළු හොින් සෝදා ගන්න. ඉන්පසුව දෙහියුෂ, ලුණු, ගම්මිරිස් එයට එකතු කරන්න. පසුව තවත් භාඡනයක් ගෙන එයට පාන්පිටි, වතුර, බිත්තර දමා බැටරයක් සාදාගන්න. ඉන්පසුව සීසන් කරගත් මාළු පෙත්ත බැටරයේ ගිල්වා පාන්කුඩු දවටා ගන්න. ඉන්පසු එය ගැඹුරැ තෙලේ බැද ගන්න.
කොස්ලෝ සදහා අවශ්‍ය ද්‍රව්‍ය
- කරට් (හීනියට කපාගන්න) 10g
- ගෝවා (හීනියට කපාගන්න)10g
- බී ලූනු (හීනියට කපාගන්න) තේ හැදි 1/2
- මයෝනයිස් තේ හැදි 2ක් හෝ 3ක්
- රස පදමට ලුණු ගම්මිරිස්
- අලපෙති 20g
සාදන අන්දම
ප්‍රථමයෙන් භාඡනයක් ගෙන එයට කැරට්, ගෝවා, ලූනු, මයෝනයිස් දමා හොදින් කලවම් කරන්න. එසේ කිරීමෙන් අනතුරැව අලපෙති ටික රන්වන් පැහැ වනතෙක් බැදගන්න.
අවසානයේ බැදගත් මාළුපෙත්ත, සැලඩ්එක, අලපෙති අලංකාරව පිගානේ අතුරා පිළිගන්වන්න.
ෆිෂ් මසාලා
අවශ්‍ය ද්‍රව්‍ය
- තෝරමාළු 250
- ලූනු 75
- තක්කාලි 70
- අමුමිරිස් 10
- ඉගුරැ (තලාගත්) තේ හැදි 1 1/2
- සදුළුනු (තලාගත්) තේ හැදි 1 1/2
- සූදුරැ 5
- මහදුරැ 5
- උළුහාල් 5
- මිරිස්කුඩු 5
- සියඹලා 5
- ලුණු 5
- එළවළු තෙල් ස්වල්පයක්
- කොත්තමල්ලි කොළ තේ හැදි 5
- කහකුඩු 5
- රම්පේ කොළ 1
- තුනපහ 5
සාදන අන්දම
ප්‍රථමයෙන් කැබලි කපාගත් තෝරමාළු සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසු එයට ගම්මිරිස්, ලුණු, සියඹලා, මිඑිස්කුඩු, කහකුඩු, තුනපහ කුඩු දමා අතගා පසෙකින් තබාගන්න. ඉන්පසු භාඡනයක් ළිප තබා සූදුරැ, මහදුරැ, අබ එකතු කරවිනාඩි 4ක් 5ක් කබලේ බැදගන්න. ඉන්පසු එයට එළවළු තෙල් ස්වල්පයක් එකතු කරන්න. තෙල් රත්වූ පසු ඉගුරැ, සුදුළුනු, ළුනු එකතු කරන්න. ඊට විනාඩි 5කට පසුව කොටු කපන ලද තක්කාලි, රම්පේ, කරපිංචා එකතු කර තෙම්පරාදු කරගන්න. ඉන්පසු කහකුඩු, මිරිස්කුඩු, එකතුකර පොල්කිරි හෝ කල්කිරි කෝප්ප කාලක් එකතු කරන්න. ඉන්පසු එම මිශ්‍රණයට කලින් ලුණු, ඇඹුල් අතගා සකසාගත් මාළු කැබලි එකතු කරන්න. ඉන්පසු විනාඩි 8ක් 10ක් ළිප තබා කොත්තමල්ලි කොළද එකතුකර ළිපෙන් බාගන්න.
ෆිෂ් සැලඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු පැහැති මාළු 200g ක් හෝ 300g ක්
- හොදින් තම්බා ගත් බිත්තර 2
- සලාද කොළ 2ක් හෝ 3ක්
- පාස්ලි ටිකක්
- පිපිඤ්ඤා 100gක් හෝ 150gක්
සාදන අන්දම
මාළුවල හම, කටු ඉවත් කර කුඩා කැබලි වලට කපා තම්බා ගන්න. ඉන්පසු සලාද කොළ, පිපිඤ්ඤා ද අගල් භාගයක ප්‍රමාණයට කොටු කපාගන්න. ඉන්පසු බිත්තර දෙකද අගල් 1/2ක ප්‍රමාණයට කොටු කපාගන්න. ඉන්පසු පාස්ලි ටික හීනියට ලියාගන්න.
දැන් සැලඩ් එක සාදමු.
අවශ්‍ය ද්‍රව්‍ය
- සැලඩ් ඔයිල් මේස හැදි 1
- විනාකිරි මේස හැදි 3
- අබ ක්‍රීම් තේ හැදි 1
- ලුණු කුඩු
- ගම්මිරිස් කුඩු
සාදන අන්දම
දීසියක් ගෙන එයට අබක්‍රීම් හා සැලඩ් ඔයිල් එකතු කර හොදින් කලවම් කරන්න. ඉන්පසු ව්නාකිරි, සීනි, ලුණු, ගම්මිරිස් එකතු කර සෝස් එක සාදා ගන්න.
සලාදය සාදා ගැනීම
ප්‍රථමයෙන් සලාද කොළ යටට අතුරන්න. ඒ මතට බිත්තර, පිපිඤ්ඤා, පාස්ලි එකතු කර කලවම් කරන්න. අවසානයේ කලින් සකසා ගත් සෝස් මිශ්‍රණය ඒ මතට ඉසින්න.