Advertiesment

Monday, December 31, 2012

චිකන් මැන්චූරියන් Chicken Manturian

චිකන් මැන්චූරියන්
  
අවශ්‍ය ද්‍රව්‍ය
  • කටු ඉවත් කර ගත් කුකුල් මස්
  • සුදු ළුණු මේස හැදි 1
  • ඉගුරැ මේස හැදි 1
  • සැල්දිරි
  • බී ළුණු මේස හැදි 2
  • අමු මිරිස්
  • ලුනු
  • කෝන්පිටි
  • චිලි පේස්ට් මේස හැදි 1
  • ඔයෙස්ටා සෝස් තේ හැදි 1
  • තක්කාලි සෝස් මේස හැදි 2
  • අඡිනමොටෝ

සාදන අන්දම
                 කුඩාවට කපා ගත් කුකුල් මස් වලට ලුනු ස්වල්පයක්, අඡිනමොටෝ ස්වල්පයක් හා කෝන්පිටි එක් කර හොදින් සීසන් කර ගන්න. දැන් ගැඹුරැ තෙලේ රන්වන් පාට වනතුරැ බැද ගන්න. පසුව මස් ටික ලිපෙන් බාන්න. දැන් වෙන පෑන් එකක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එක් කර රත් වූ පසු එයට චොප් කර ගත් සුදුළුණු, බී ළුණු, ඉගුරැ, අමු මිරිස්, සැල්දිරි එක් කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. දැන් මෙයට තක්කාලි සෝස්, චිලි පේස්ට්, එක් කර ගන්න. ඔයෙස්ටර් සෝස්  එක් කර ගන්න. දැන් කලින් බැද ගත් චිකන් ටික එකතු කර ගන්න. ලුණු රස පදමට එක් කර ගන්න. අඡිනටමාටෝ එක් කර ගන්න.  දැන් අවසානයේ සිහින්ව කපා ගත් ළුණු කොළ එක් කර ගන්න. පසුව ලිපෙන් බා පිළිගන්වන්න.     

අල පුලාවෝ Potato Pulao

අල පුලාවෝ

අවශ්‍ය ද්‍රව්‍ය
  • බාස්මතී හාල් කෝප්ප 2
  • ගී තෙල් මේස හැදි 2
  • සූදුරැ ඇට මේස හැදි 1
  • ගාගත් ඉගුරැ මේස හැදි 1
  • ග්‍රීන්පීස් කෝප්ප 1
  • අල කෝප්ප 1 - ලෙලි ඉවත් කොට කුඩාවට කපා ගෙන
  • කොත්තමල්ලී කුඩු මේස හැදි 2
  • ගරම් මසාලා තේ හැදි 1
  • ලුනු රස පදමට
  • කහ කුඩු තේ හැදි 1/4

සාදන අන්දම
                 පෑන් එකක් ලිප තබා එයට ගී තෙල් රත් කර එයට සූදුරැ ආට හා ඉගුරැ එකතු කර ගෙන රත් කර ගන්න. ඉගුරැ ටිකක් දුඹුරැ පැහැ වූ පසු එයට ග්‍රීන්පීස් හා අල එකතු කරන්න. දැන් එයට පොගවා ගත් හාල්, කොත්තමල්ලී කුඩු, ගරම් මසාලා, ලුණූ හා කහ කුඩු එක් කර හොදින් මිශ්‍ර කර ගන්න. ටිකක් බැදෙන්න හරින්න. දැන් මෙයට වතුර කෝප්ප 4ක් එකතු කරන්න. එය වසා නොගෙන තැම්බෙන්න හරින්න. පසුව උෂ්ණත්වය අඩු කර ආවරණය කර ගෙන විනාඩි 10ක් පමණ ලිප තබා උණුවෙන්ම පිළිගන්වන්න.

චොකලට් මෝල්ඩ් Chocolate Mould

චොකලට් මෝල්ඩ්

අවශ්‍ය ද්‍රව්‍ය
  • ඡෙලටින් මේස හැදි 1
  • කොකෝවා පවුඩර් මේස හැදි 2
  • යොදය සහිත කිරිපිටි කෝප්ප 2
  • සීනි මේස හැදි 4 - සීනි පිටි කර ගෙන
  • වැනිලා එසන්ස් තේ හැදි 1
  • කිරිපිටි ටිකක් සැරසීමට
  • ආමන්ඩ් ඇට කිහිපයක් රෝස්ට් කර ගෙන

සාදන අන්දම
    පළමුව ඡෙලටින් ටික වතුර කෝප්ප 1/2කට දමා ගෙන දිය කර ගන්න. දැන් වෙනම කොකෝවා, වැනිලා හා කිරි වලට මිශ්‍ර කර ගෙන ලිප තබා රත්වෙන්න හරින්න. දැන් ඡෙලටින් මිශ්‍රනය දමා ගෙන නැවතත් විනාඩි 1/2ක් පමණ ලිප තබා ගන්න. එයට සීනි ද එකතු කර ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. දැන් මෙම සැදාගත් මිශ්‍රනය කැමති ආකාරයට වීදුරැ වලට වත් කොට නිවෙන්නට හැර පසුව සෙට් වීමට ශීතකරණයේ තබන්න. මේවා උඩට කිරිපිටි හා ආමන්ඩ් ඇට ඉස දමා ගෙන සරසා ගන්න.

Thursday, December 27, 2012

ස්වීට් ස්ප්‍රින් රෝල් Sweet Spring Roll

ස්වීට් ස්ප්‍රින් රෝල්


අවශ්‍ය ද්‍රව්‍ය
  • ග්‍රේට් කර ගත් ඇපල් (රතු පාට, කොළ පාට)
  • සීනි තේ හැදි 4
  • මුදිදරප්පලම්
  • කඡු
  • ස්ප්‍රින් රෝල්ප්‍රේස්ටි
  • බිත්තර සුදුමද 1
  • බැදීමට තෙල්

සාදන අන්දම
            පෑන් එකක් ලිප තබා එයට සීනි තේ හැදි 4ක් දමා ගෙන පසුව එයට ග්‍රේට් කර ගත් ඇපල් ටික දමා ගන්න. පසුව හොදින් මිශ්‍ර කර ගෙන එයට මුද්දරප්පලම් ටිකක් එක් කර ගන්න. ඉන්පසු එයට කඡු ටිකක් එක් කර ගන්න. පසුව ලිප නිවා ගෙන එය බා ගන්න. දැන් ස්ප්‍රින් රෝල් ප්‍රේසිටි එක බැගින් ගෙන ඇපල් මිශ්‍රනය දමා ගෙන රෝල් එකක් ආකාරයට රෝල් කර ගෙන බිත්තර සුදුමද වලින් අලවා ගෙන ගැඹුරැ තෙලේ රන්වන් පැහැ වනතුරැ බැදගන්න.

හොට් බටර් කට්ල් ෆිෂ් Hot Butter Cuttlefish

හොට් බටර් කට්ල් ෆිෂ්

අවශ්‍ය ද්‍රව්‍ය
  • දැල්ලන්
  • කෝන්ෆ්ලවර්
  • බටර්
  • චිලි පේස්ට්
  • ලුණු
  • ගම්මිරිස් කුඩු
  • කඡු 
  • මාළු මිරිස්
  • සීනි
  • ලීක්ස්

සාදන අන්දම
           දැල්ලන් වලට ලුණු හා කෝන්‍ෆ්ලවර් දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. ඉන්පසු ගැඹුරැ තෙලට දමා ගෙන හොදින් බැද ගන්න. රන්වන් පැහැ වනතුරැ බැදුනු පසුව එය ලිපෙන් බා ගන්න. දැන් පෑන් එකක් ලිප තබා බට්ර ටිකක් දමා ගෙන එයට චිලි පේස්ට් ටිකක් දමා ගෙන හොදින් මිශ්‍ර කර ගන්න. සීනි ටිකක් ලුනු ටිකක් එක් කර ගෙන දික් අතට කපා ගත් මාළු මිරිස් එක් කර දැල්ලෝ ටිකත් එක් කර ගන්න. ඉන්පසු අන්තිමට ලීක්ස් ටික දමා ගෙන හොදින් මිශ්‍ර කර ගෙන ලිපෙන් බා ගන්න.

Wednesday, December 26, 2012

ක්‍රීම් චිකන් සුප් Cream Chicken Soup

්‍රීම් චිකන් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය
  • ම්බාගත් පැස්ටා ටිකක්
  • බට්ර් 50
  • පිටි 50
  • චිකන ස්ොක්
  • ්‍රේෂ් ක්‍රීම් ේ හැදි 2 1/2
  • බට්න් මෂරෑම්
  •  ේ ගානි
  • තම්බා ගත් චිකන්
  • ලුණු
  • ගම්මිරිස් කුඩු
සාදන අන්දම
              පෑන් එකකට බටර් දමා ගෙන එයට පිටි එක්කර ගන්න. ොදින් මිශ්‍ර කර ගන්න. පසුව මෙයට චිකන් ස්ොක් ටිකක් එක් කරගන්න. ොදින් පිටි වල කැට ගතිය නැතිවනතුරැ හැදි ගාන්න. ොක් ටික ටික දමමින් හැදි ගාන්න. දැන් මෙයට ේ ගානි 1 දමා ගන්න. දැන් එය පිසුණු පසුව ේ ගානි 1 ඉවත් කර ගන්න. ලුණු, ගම්මිරිස් දමා ගන්න. දැනි මෙයට ්‍රේෂ් ක්‍රීම් එකතු කර ගන්න. දැන් මෙය ලිපෙන් බා ගෙන තම්බා ගත් පැස්ටා, තම්බා ගත් චිකන්, හීනියට ොප් කර ගත් බට්න් මෂ්රෑම් එක් කර ගෙන ොදින් මිශ්‍ර කර ගෙන පිළිගන්වන්න.